Impartial news reporting for a stronger democratic society
චීනය අප්‍රි­කාවේ රට­වල් 53කට ආන­යන තීරු­බදු අහෝසි කරයි

චීනය සමඟ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා පව­ත්වන අප්‍රි­කාවේ රට­වල් 53කට ආන­යන තීරු­බදු අහෝසි කිරී­මට චීන රජය තීර­ණය කැර ඇත.

 චීන රජයේ මාධ්‍ය උපුටා දක්ව­මින් රොයි­ටර් පුවත් සේවය සඳ­හන් කැර ඇත්තේ ආන­ය­නික තීරු­බදු ශුන්‍ය කිරීම ලබන මැයි මස 1 වැනිදා සිට ක්‍රියා­ත්මක වීමට නිය­මිත බවයි. චීනය දැන­ට­මත් අප්‍රි­කානු රට­වල් 33කට ආන­ය­නික තීරු­බදු ඉවත් කැර ඇති බවත්, සෙසු රට­වල ආන­ය­නික තීරු­බදු ඉවත් කිරීම ලබන මැයි මස ක්‍රියා­ත්මක වීමත් සමඟ සමස්ත අප්‍රි­කානු කලා­පයේ සියලු රට­වල ආන­ය­නික තීරු­බදු ශුන්‍ය වනු ඇති බවත් රොයි­ටර් පුවත් සේවය වැඩි­දු­ර­ටත් සඳහාන් කෙළේය.

අප්‍රි­කානු රට­වල් සමඟ ද්විපා­ර්ශ්වික වෙළෙඳ ගනු­දෙනු රැසක් සිදු කරන චීනය එම රට­වල ආන­ය­නික තීරු­බදු ඉවත් කිරී­මෙන් අප්‍රි­කානු වෙළෙ­ඳ ­පො­ළට ප්‍රවේ­ශ­වීමේ වැඩි අව­ස්ථා­වක් ලබා­ගනු ඇති අතර, චීනයේ අප­න­යන ආර්ථි­කය ඉහළ නැංවී­මට එය ඉව­හල් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp