Impartial news reporting for a stronger democratic society
මහාචාර්ය තිස්ස විතාරණ අධිරාජ්‍යවාදීන් නිර්ධය ලෙස විවේචනය කළ නායකයෙක් — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ සහෝදරයාගේ අභාවය පිළිබඳ ලංකා සම සමාජ පක්ෂයට හා ඔහුගේ පවුලේ ඥාතිීන් වෙත සාතිශය සංවේගය පළ  කරන බව  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය  නිවේදනයක් නිතුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් එම නිවේදනය නිකුත් කරමින් එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. විරසිංහ මහතා මේ බව ප්‍රකාශ කැර  ඇත.

තවදුරටත් එම නිවේදනයේ මෙසේද සඳහාන් වෙයි.

තිස්ස විතාරණ සහෝදරයා දශක ගණනාවක් මෙරට වාම දේශපාලන තුළ දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළ නායකයෙකි. ඔහු පෙදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් ද, ඇමැතිවරයෙක් වශයෙන් ද කටයුතු කරමින් ජනතාවාදීව හා ප්‍රගතිශීලී කටයුතු රැසක් ඉටු කළ බව අපි දනිමු. විද්‍යාවේ  හා තාක්ෂණයේ  අලුත් මනයන් හඳුන්වා දෙමින්, විද්‍යාව හා තාක්ෂණය රටේ නිෂ්පාදනය වෙත දායක කරවීමට ඔහු ක්‍රියා කළ නායකයෙකි. සියලු පාර්ශ්වයන්ට එකඟ විය හැකි ආකාරයට ජනවාර්ගික ගැටලුවට විසඳුමක් සොයාගැනීම සඳහා ඔහු කැපවීමෙන් ක්‍රියා කළ ආකාරය ගැන අපට අවබෝධයක් තිබේ.

දශක ගණනාවක් පුරා තිස්ස සහෝදරයා ලංකා සම සමාජ පක්ෂයේ නායකයා විය. ලංකාවේ ප්‍රථම වාමාංශික දේශපාලන පක්ෂය ලෙස,  ලංකා සම සමාජ පක්ෂයට නායකත්වය දෙමින් ඔහු නොසැලෙන ස්ථාවරයන් ගනිමින් ක්‍රියා කළ නායකයෙකි. අධිරාජ්‍යවාදීන් ලෝක මට්ටමින්, රටවල්වල සාමකාමී, ස්වාධීන හා ස්වෛරී සංවර්ධනයටත්, ඉන්දු-ෆැසිෆික් උපාය මාර්ගය හරහා දකුණු ආසියාවටත් එල්ල කරමින් තිබෙන තර්ජන  තිස්ස  සහෝදරයා, නිර්දය ලෙස විවේචනයට ලක් කළ අන්දම අපි දනිමු. සමාජවාදී රටවල නොසැලෙන මහා මිත්‍රයකු වු, තිස්ස විතාරණ සහෝදරයා, එම රටවල් සමඟ එක්වෙමින් ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය ශක්තිමත් කැර ගැනීම වෙනුවෙන් බොහෝ පෙරමුණු වල ඉදිරියෙන්  සිටි සටන් කරුවෙකි.

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් තිබෙන්නේ නව ලිබරල්වාදී ආර්ථික මුලෝපාය මඟින් නිර්මාණය කළ අර්බුදයක්  බව පෙන්වා දුන් තිස්ස සරහෝදරයා, ගෝලීය දකුණ සමඟ එක්ව ක්‍රියා කරමින් ආර්ථික ස්වෛරීත්වය දිනා ගැනීමට ක්‍රියා කළ නායනයෙක් බව පෙන්වා දීම වැදගත්ය.

ජාත්‍යන්තර හා ජාතික දේශපාලන, ආර්ථික වර්ධනයන් පිළිබඳව තිස්ස විතාරණ සහෝදරයා හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැරුවේ සමාන මතයක් වන අතර, ඒ පිළිබඳව අපගේ ස්ථාවරයන් සමාන විය. විශේෂයෙන්, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,  ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණ ට තිස්ස විතාරණ සහෝදරයා නායකත්වය දෙමින් ක්‍රියා කළ බව මෙහිලා සිහිපත් කළ යුතුව ඇත.

ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ  සහෝදරයා දැයෙන් සමුගෙන යන මේ අවස්ථාවේ, ඔහු බලාපොරොත්තු වු සමාජවාදී සමාජයක් ගොඩනැඟිමේ කාර්යය ලංකා සම සමාජ පක්ෂය සමඟත්, අනෙකුත් වාම ප්‍රගතිශීලී බලවේග සමඟත් එක්ව  නොසැලී ඉදිරියට ගෙන  යෑමට අප කැපවී ක්‍රියා කරන බව  ප්‍රකාශ කරන්නෙමු.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත සමාජිකත්වය හා සියලුම හිතවතුන් වෙනුවෙන් අපේ පක්ෂයේ ධජය අඩ කුඹු කොට ආචාරය තිස්ස සහෝදරයට මේ අවස්ථාවෙි ගෞරව කරන්නෙමු.

Follow by Email
LinkedIn
Share
WhatsApp