
ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය ගුවන් විදුලි,පුවත්පත් හා සමාජ මාධ්‍ය අනුමණ්ඩලය එක්ව මෙම උත්සවය සංවිධානය කැර තිබුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට සෞඛ්‍ය හා ජන මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞශල්‍යා ආරියරත්න ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්වසය පැවැත්විය.

මෙරට ගුවන් විදුලි ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටුකළ නිර්මාණවේදීන්, කලාකරුවන් මෙන්ම මාධ්‍ය ප්‍රවීණයන් මෙම උපහර උලෙළේදී සම්මානයෙන් පිදුම් ලැබුහ.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න
