
ලෝක ප්රජාවට යුක්තිය සහතික කිරීම සඳහා ඇති යුතුකම නැවතත් මතක් කැර දීමට උතුරු – නැඟෙනහිර අතුරුදන් වුවන්ගේ ඥාතීන් කටයුතු කරමින් සිටින බවත්,ශ්රී ලංකා ආණ්ඩුව ද සුපුරුදු කාලය මරා දැමීමේ උපක්රමයකට වැටී ඇති බවට චෝදනා කරති.
නිදහස් දිනය(පෙබරවාරි 04 වැනි දා) කළු දිනයක් ලෙස ප්රකාශයට පත් කැර විරෝධතා පවත්වමින්, දෙමළ ජනතාවට අවසාන දේශපාලන විසඳුමක් ලබා දෙන තෙක් අන්තර්කාලීන පරිපාලන යාන්ත්රණයක් ඉල්ලා ඔවුන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට ලිපියක් ද යවනු ලැබු බව අනාවරණය වෙයි.
නිදහසින් පසු සිංහල පාලකයන් තම ප්රජාව අතර ජාතිවාදය පෝෂණය කිරීමට සහ දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සඳහා හමුදා බලය භාවිතා කිරීමට ගත් පියවර රටවල් නොසලකා හරිමින් සිටින බවට ඔවුන්ගේ ලිපියෙන් චෝදනා කැර තිබිණි.
ප්රධාන ඉල්ලීම් 10 ක් අඩංගු ලිපියේ පිටපත් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල රාජ්ය තාන්ත්රිකයන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට යොමු කැර ඇති බවද සඳහාන්ය.
එය ICC සහ ICJ හරහා යුක්තිය ඉල්ලා සිටින අතර, ඔවුන්ගේ මාතෘභූමි සංකල්පය සහ ස්වයං නිර්ණය මත පදනම් වූ ඕනෑම දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජනතාවගේ වරම ලබා ගැනීම සඳහා ලෝක ප්රජාව විසින් සංවිධානය කරනු ලබන ජනමත විචාරණයක් පවත්වන ලෙස ද එමඟින් ඉල්ලා සිට ඇත.
Source–Leader

