Impartial news reporting for a stronger democratic society
සමාජ මාධ්‍ය ජාල­යන්වලට ඉන්දියාව නව නීති ගෙනෙයි

සමාජ මාධ්‍ය ජාල­යන්වල ඇති  නීති­ වි­රෝධි ප්‍රකාශ සහ ඡායා­රූප ඉවත් කිරීමට නව නීති­යක් ඉන්දි­යා­වෙන් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි.

එම නීති­යට අනුව නීති ­වි­රෝධි ප්‍රකාශ සහ ඡායා­රූප ඇතුළු සට­හන් පැය 36ක් ඇතු­ළත ඉවත් කළ යුතු බවත්, නව නීතිය ලබන 20 වැනිදා සිට ක්‍රියා­ත්මක කිරී­මට නිය­මිත බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  සඳහාන් කරයි. ෆේස් බුක්, යූ ටියුබ්, එක්ස් ඇතුළු ප්‍රධාන සමාජ මාධ්‍ය රැස­කට එම නීතිය අදාළ වනු ඇතැයි ද, කෘත්‍රිම බුද්ධි තාක්ෂ­ණය ඔස්සේ මුදා හරින සට­හන් සහ ඡායා­රුප ද ඊට ඇතු­ළත් වනු ඇතැයි  සඳහාන් වේ.

‍පසු­ගිය වසර කිහි­පය අත­ර­තු­ර­දීද ජාතික ආර­ක්ෂාව සහ මහ­ජන සාමය සම්බන්ධ නීති යටතේ එවැනි නීති විරෝධී ප්‍රකාශ සහ ඡායා­රූප ඉවත් කිරී­මට ඉන්දීය බල­ධා­රින් කට­යුතු කැර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp