
කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රිනී සොහාරා බුහාරිගේ මන්ත්රී ධුරය අහෝසි කැර ඇති බව අනාවරණය වෙයි.
ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කැර ඇත.
කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය ලබාදුන් උපදෙස්වලට පටහැනිව ජාතික ජන බලවේග පුරපති අපේක්ෂිකාව වෙනුවෙන් ඇය ඡන්දය භාවිත කැර තිබුණි.
පක්ෂයේ සාමාජිකයන්ට අයවැයට විරුද්ධ වන ලෙස උපදෙස් දී තිබිදීත් අදාළ මන්ත්රීවරිය අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බැවින් ඇයගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය කටයුතු කැර ඇත..
