
චීනය සහ ඉන්දීයව නව වැනි වරටත් පවත්වන උපාය මාර්ගික සංවාදය ඊයේ (10) ) සාර්ථකව අවසන් වී ඇති බව අනාවරණය වෙයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී චීන උප විදේශ ඇමැති Ma Zhaoxu සහ ඉන්දීය විදේශ ලේකම් Vikram Misri අතර මෙම උපාය මාර්ගික සංවාදය පවත්වා ඇත.
ජාත්‍යන්තර තත්ත්වය, විදෙස් ප්‍රතිපත්ති, පොදුවේ සැලකිල්ල දක්වන කලාපීය හා ජාත්‍යන්තර කරුණු සහ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශ්වය සුහද හා විවෘතව සාකච්ඡා කැර ඇති බව සඳහාන්ය.
සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය හමුවේ චීනය හා ඉන්දියාව දෙරට නායකයන් එළඹි එකඟතාවන් ක්‍රියාවට නංවා ගනිමින් දූරදර්ශී හා උපාය මාර්ගික වශයෙන් ද්විපාර්ශ්වික සම්බන්ධතා පවත්වාගෙන යා යුතු බව එහිදී අවධාරණය කෙරිණි.
චීනය හා ඉන්දියාව එකිනෙකා වෙත තර්ජනයක් වන ප්‍රතිවාදීන් නොව අන්‍යෝන්‍ය වශයෙන් සංවර්ධන අවස්ථා ලබාදෙන හවුල්කරුවන් ය. එබැවින් දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගිතාව තහවුරු කරමින් මතභේද නිසි අයුරින් තුරන් කරමින් ද්විපාර්ශ්වික සබඳතා විධිමත් හා තිරසර දිශාවක් කරා ගෙන යෑම වැදගත් බව එහිදී පිළිගැනිණ.
එමෙන්ම මේ වසරේ හා ලබන වසරේ බ්‍රික්ස් රටවලට අන්‍යෝන්‍ය වශයෙන් සහාය ලබාදීමට ද එම සංවාදයේදී චීනය හා ඉන්දියාව එකඟතාව පළ කැර ඇත.
