Impartial news reporting for a stronger democratic society
රනිල්ගේ ‘වුල්ෆ් හැම්ටන්’ නඩුවට අදාළ B වාර්තාවේ CIDයේ ‘පටලැවිල්ල’ විශේෂී හෙළිදරව්වක් !

(විශේෂ විමර්ශන වාර්තාවකි)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඉලක්ක කැර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කරන ලද “වුල්ෆ් හැම්ටන් ” නඩුවේ ‘බී වාර්තාව’ (B-Report) පිටපතක් මේ වන විට අප වෙත ලැබී ඇත. ලබන අප්‍රේල් 29 වැනි දින මෙම නඩුව තීරණාත්මක කඩඉමකට පැමිණීමට නියමිතව තිබියදී, මෙම වාර්තාව පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ එය හුදෙක් මූල්‍ය වංචාවක් පිළිබඳ ලේඛනයකට වඩා, බරපතළ තාක්ෂණික සහ සාක්ෂිමය ගැටලු (Evidentiary Loopholes) රැසකින් පිරුණු ‘හිඩැස් සහිත’ ගොනුවක් බවයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස්  “මෙතන නඩුවක් නැත” යනුවෙන් කළ ප්‍රකාශයේ නීතිමය පදනම මෙම B වාර්තාව හරහා මනාව තහවුරු වේ.

1.⁠⁠”ප්‍රයිවට් විසිට්” (Private Visit) රවුම් කිරීමේ අබිරහස

B වාර්තාවේ (පිටුව 3, ඡේදය 08) සඳහන් පරිදි, CIDයේ ප්‍රධාන තර්කය ගොඩනැගී ඇත්තේ එක්තරා ලේඛනයක “Private Visit” (පෞද්ගලික සංචාරය) යන වචනය පෑනකින් රවුම් කැර, එය “Official Visit” (නිල සංචාරය) ලෙස වෙනස් කිරීමට දැරූ උත්සාහයක් මතය.

CID තර්කය:-

මෙය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් 2023.09.01 දින සිදුකරන ලද්දේ පෞද්ගලික ගමනක් රජයේ වියදමින් පියවා ගැනීමේ චේතනාවෙන් (Criminal Intent) බවයි.
යථාර්ථය:- 

රාජ්‍ය නායකයෙකුගේ ඕනෑම විදෙස් ගමනක් (එය පෞද්ගලික වුවද) සඳහා ආරක්ෂක භටයින්, වෛද්‍යවරුන් සහ සහායකයින් සහභාගී වීම අනිවාර්ය ප්‍රොටෝකෝලයකි (Mandatory Protocol). එම නිලධාරීන්ගේ වියදම් දැරීම රජයේ වගකීමක් මිස ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදල් පසුම්බියෙන් කළ යුත්තක් නොවේ. එබැවින් මෙය නිල සංචාරයක්ලෙස පරිපාලනමය වශයෙන් නම් කිරීම රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවයක් මිස වංචාවක් නොවන බව විත්තියට පහසුවෙන් ඔප්පු කළ හැක.

2. සාක්ෂිකරුකෝසලගේරාජ්‍ය තාන්ත්‍රික පටලැවිල්ල

මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රබලම සාක්ෂිකරුවෙකු ලෙස නම් කැර ඇති විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර සම්බන්ධීකරණ නිලධාරී ඒ.ටී. කෝසල පෙරේරා මහතාගේ සාක්ෂිය නඩුවේ අත්තිවාරම දෙදරවා හරින්නකි.
 සාක්ෂිය:-

 ඔහු පවසන්නේ “එක්සත් ජාතීන්ගේ සමුළුවට (UN Summit) සහභාගී වීමේදී සියලු වියදම් අදාළ රටවල් (උදා: අමෙරිකාව) දැරූ බවත්, එංගලන්තයේදී එසේ නොවූ බවත්ය.”
 සත්‍යය:-

 මෙය මුළුමනින්ම අසත්‍යයකි. එක්සත් ජාතීන්ගේ සමුළුවකට යන රාජ්‍ය නායකයෙකුගේ වියදම් දරන්නේ අදාළ මව් රට (ශ්‍රී ලංකාව) විසිනි.  අමෙරිකාව විසින් වියදම් දරන්නේ ඊශ්‍රායලය හෝ යුක්රේනය වැනි විශේෂිත ආරක්ෂක තත්ත්වයන් ඇති රටවලට පමණි.

•⁠ ⁠විශ්ලේෂණය:-

 තමා සේවය කරන අමාත්‍යාංශයේ මූලික රාජ්‍ය තාන්ත්‍රික දැනුම පවා නොමැති සාක්ෂිකරුවෙකු මත පදනම්ව CIDය නඩුව ගොනු කළේ කෙසේද? ශානි අබේසේකර ඇතුළු කණ්ඩායම මෙම ප්‍රකාශය ලබාගත්තේ බලපෑමක් මතද? සාක්ෂිකරුවෙකු මූලික කරුණකදී අසත්‍ය පවසන්නේ නම්, ඔහුගේ සමස්ත සාක්ෂියම ප්‍රතික්ෂේප කිරීමට (Impeach credit of witness) විත්තියට හැකියාව ලැබේ.
3. ස්කයි විංග්ස්‘ (Sky Wings) සහ අතරමැදි ගනුදෙනුව
B වාර්තාවෙන් හෙළිවන වඩාත්ම පුදුම සහගත කරුණ නම්, මෙම වියදම් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය හරහා නොව, Sky Wings Limited නම් තෙවැනි පාර්ශවීය සමාගමක් හරහා සිදු කර තිබීමයි.
 වවුචර් අංක 54/09 සහ 70/09 (වාහන කුලිය): පවුම් 14,165
 වවුචර් අංක 55/09 (ආහාර පාන): පවුම් 30,204 (රුපියල් කෝටි 1.2ක් පමණ!)
 වවුචර් අංක 59/09 සහ 69/09 (නවාතැන්): පවුම් 8,950
ප්‍රශ්නය:-

 ලන්ඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිපාලන අංශයක් තිබියදී පුද්ගලික ඒජන්සියක් හරහා මේවා වෙන් කළේ ඇයි? මෙය නිලධාරීන් පිරිසක් කොමිස්ගැසීමට කළ ව්‍යාපෘතියක් විය නොහැකිද? මුදල් ගියේ Sky Wings සමාගමට නම්, ජනාධිපතිවරයා මුදල් අවභාවිත කළේ යැයි කිව හැක්කේ කෙසේද?

4. අදෘශ්‍යමාන වාහන සහ රේන්ජ් රෝවර් රථය

වාර්තාවේ සඳහන් පවුම් 14,165ක වාහන කුලිය ගැන ඇත්තේ බරපතළ ගැටලුවකි.
•⁠  ⁠තහවුරු වූ කරුණු අනුව, බ්‍රිතාන්‍ය රජය විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ආරක්ෂිත Range Rover රථයක් සහ VIP ආරක්ෂාව නොමිලේ ලබා දී ඇත.
•⁠  ⁠එසේනම්, පවුම් 14,000ක් (රුපියල් ලක්ෂ 55ක් පමණ) ගෙවා කුලියට ගත් අතිරේක වාහනවල ගියේ කවුද?

නීතිමය තර්කය:-

ජනාධිපතිවරයා ගමන් කළේ නොමිලේ ලැබුණු රේන්ජ් රෝවර් රථයේ නම්, කුලියට ගත් වාහන සඳහා ඔහු වගකිව යුතු නැත. එම මුදල් කාගේ හෝ සාක්කුවකට ගියේ නම් හෝ වෙනත් පිරිසක් එම වාහනවල ගියේ නම්, පොදු දේපොළ පනත යටතේ ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැක. මන්ද, අපරාධ චේතනාව (Mens Rea) සහ සොරකම (Theft/Misappropriation) ඔහු විසින් සිදු කැර නොමැති බැවිනි.

නිගමනය:-

දේශපාලන උගුලක් ද?

CIDය මෙම නඩුව ගොනුකර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පුද්ගලිකව මුදල් පරිහරණය කළ බවට සාක්ෂි නැතිව, නිලධාරීන් විසින් සිදුකළ බව පෙනෙන පරිපාලනමය ක්‍රියාවලියක් (Procurement Process) මත පදනම්වය.
1.⁠⁠සාක්ෂිකරුකෝසලගේපරස්පරප්‍රකාශ.
2.⁠⁠Sky Wings සමාගම මැදිහත් වීම සහ අතිවිශාල ආහාර බිල්පත් (පවුම් 30,000).
3.⁠⁠බ්‍රිතාන්‍යරජයේවාහනතිබියදී අතිරේක වාහන කුලියට ගැනීම.

මේ සියල්ලෙන් පෙනී යන්නේ, මෙය ජනාධිපතිවරයාගේ වරදකට වඩා, රාජ්‍ය නිලධාරීන්ගේ හෝ තානාපති අංශවල දූෂණයක් හෝ අකාර්යක්ෂමතාවයක් විය හැකි බවයි.
අප්‍රේල් 29 වැනි දින අධිකරණය හමුවේ මෙම කරුණු හෙළිදරව් වූ විට, “නඩුවක් නැත” යන තර්කය තහවුරු වී, පැමිණිල්ලේ B වාර්තාව කුණු කූඩයට යාමට ඇති ඉඩකඩ ඉතා ඉහළය.
උපුටා ගැනීම – The Leader –සටහන: මෙය අධිකරණයට ඉදිරිපත් කර ඇති B වාර්තාවේ කරුණු සහ නීතිමය විශ්ලේෂණය ඇසුරින් සකස් කරන ලද්දකි.

(මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.)

Follow by Email
LinkedIn
Share
WhatsApp