Impartial news reporting for a stronger democratic society
කෙහෙළියගේ වැඩිමහල් දියණියට ඇප

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට ඊයේ (06) පස්වරුවේ  අධිකරණය නියෝග කෙළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මෙම නියෝගය  නිකුත් කැර ඇත.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, සැකකාරිය රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කෙළේය.
හිටපු  ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අයථා ලෙස උපයන ලද මුදල් විශුද්ධීකරණය කිරීමට සහය සහ ආධාර අනුබල ලබාදීමේ චෝදනාවට අදාළව ඔහුගේ වැඩිමහල් දියණිය අද දහවල් අත්අඩංගුවට ගෙන තිබුණි.
අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා සහාය ලබා දුන්නේ යැයි චෝදනා කරමින් මීට පෙර අවස්ථාවකදී සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රත්මලාන ප්‍රදේශයේ පදිංචි මැණීක් ව්‍යාපාරික සෙනෙවිරත්න බණ්ඩාර රඹුක්වැල්ල මේවන විට රිමාන්ඞ් බාරයට පත් කර සිටියි.

Follow by Email
LinkedIn
Share
WhatsApp