Impartial news reporting for a stronger democratic society
ආරක්ෂාව – අයහපත් කාලගුණය නොතකා  2025 ඉන්දීයාවේ ජම්මු – කාශ්මීරයට   කෝටියකට වැඩියෙන් සංචාරකයෝ ඇවිත්

ගැටුම්  පැවතිය ද 2025 වසරේ අවසානය වන විට  ඉන්දීයාවේ ජම්මු – කාශ්මීර ප්‍රදේශවලට  කෝටියකට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇතැයි ආණ්ඩුකාර මනෝජ් සිංහා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය අනාවරණය  කරයි.

2025 වසරේ සිදු වු පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ සින්දූර් හමුදා මෙහෙයුමත්, වසර අවසානයේ උද්ගත වූ ගංවතුර තත්ත්වයත් මධ්‍යයේ එවැනි විශාල ප්‍රමාණයක පිරිසක් ජම්මු- කාශ්මීරයේ සංචාරය කිරීම සිය ප්‍රාන්තයේ ආර්ථිකය ඉහළ නැංවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇතැයි ද ආණ්ඩුකාරවරයා සඳහන් කැර තිබේ.

පසුගියදා එම ප්‍රාන්ත රජයේ මන්ත්‍රී සභාවේදී අයවැය විවාදය ආරම්භ කරමින් ආණ්ඩුකාරවරයා මේ ප්‍රකාශය සිදු කැර තිබේ.

ප්‍රාන්තය තුළ රැකියා උත්පාදනය සහ ආකර්ශනීය ස්ථාන සංවර්ධනයට ලක්වීම සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයට හේතු වී ඇතැයිද, ඉදිරියේදී සංචාරකයන් සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට සහ ආරක්ෂාව සහතික කරමින් විදෙස් සංචාරකයන්ගේ සිත්ගත් ගමනාන්තයක් බවට ජම්මු -කාශ්මීරය පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කර ඇතැයි  සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp