Impartial news reporting for a stronger democratic society
නිදහස් දිනය  දා යාපනයේ සහ මඩකලපුවේ විරෝධතා රැලි තුනක්  

නිදහස් දිනය   “ කළු දිනයක් ” ලෙස නම් කරමින් විරෝධතා රැලි තුනක්  යාපනයේ සහ මඩකලපුවේ  ඊයේ (04) පවත්වා  ඇත.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බහුතරයක් මෙම විරෝධතාවලට  පැමිණ තිබේ.

යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඔවුන්ගේ විරෝධතා රැලි විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ කළු  කොඩි දමා පවත්වා ඇත. තවත්  විරෝධතාවයක් කිලිනොච්චියේ දී  පවත්වා ඇති අතර,ඒ් සඳහා අතුරුදහන් වූවන්ගේ මව්වරුන්, හින්දු ස්වාමි (වේලන් ස්වාමි) සහ ක්‍රිස්තියානි පූජකවරු ද සහභාගී වූ බව සඳහාන්ය.

මඩකලපුවේ විරෝධතාවයට අතුරුදහන් වූවන්ගේ මව්වරුන් බලහත්කාරයෙන් සම්බන්ධ කැර ඇත. ඔවුන්  විරෝධතා රැලියේ සංවිධායකයන්  සමඟ ගැටුමක් ඇති  කැර ගෙන තිබේ.

ආරක්ෂක අංශ ගැටුම පාලනය කැර ඇති බව සඳහාන්ය. කිලිනොච්චි නගරයේ  පැවැති විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කැර ඇත. මේ සඳහා සහභාගි වු  විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 5 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගත් අතර. කඩ සාප්පු ඊයේ  දිනයේ වසා දමා තිබු බව අනාවරණය වෙයි.

By- N.Parameswaran

Follow by Email
LinkedIn
Share
WhatsApp