
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් 2025-2030 සඳහා වන පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මකට ශ්‍රී ලංකා ඇමැති මණ්ඩල අනුමත ලැබී ඇති බව ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අදාළ සියලුම පාර්ශ්ව සමඟ සාකච්ඡා කැර සකස් කරන ලද ‘පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025-2030’ ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ආවරණය කරයන බව ඇමැතිවරයා පැවසීය.
සුදුසු ඉඩම් හඳුනා ගැනීම සහ ප්‍රමුඛත්වය දීම, පුනර්ජනනීය බලශක්ති සිතියම සහ පුනර්ජනනීය බලශක්ති උද්‍යාන සංවර්ධන කාලසටහන, පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති ස්ථාපිත කිරීම මෙයට ඇතුළත් බව ඔහු පැවසීය.
2030 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා ජාතික විදුලි ඉල්ලුමෙන් සියයට 70 ක් සහ 2050 වන විට කාබන් මධ්‍යස්ථභාවය ලබා ගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වේ.
