
හලාවත දෑදුරු ඔය පාලම යට දියනාමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලයන් සිව් දෙනාගේ මළ සිරුරු ඊයේ (5) සොයා ගෙන ඇත.
විනෝද චාරිකාවකට සහභාගි වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් දෑදුරු ඔය යට දිය නාමින් සිටිය දී මෙම අනතුරට ලක්ව තිබේ.
එම අවස්ථාවේ දියේ ගිලි සිටියදී ගොඩගෙන ප්‍රතිකාර සදහා හලාවත රෝහලට ඇතුල් කළ පුද්ගලයා ද ඊයේ රාත්‍රියේ මිය ගොස් තිබේ.
මෙසේ මිය ගිය පුද්ගලයන් වයස අවුරුදු 12,16,19 සහ 27 වයස්වල පසු වු අතර මාකොළ,ග්‍රාන්පාස් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෘත ශාරීර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කැර ඇත.
හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
