
නැඟෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී මෙන් පුද්ගලයන් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව අනාවරණය වෙයි.
මෙම ප්‍රදේශය කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයක් වන අතර, ඔවුන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක මේ බව තහවුරු කැර ඇත.
මෙම අනතුරට ගොදුරුවූවන් අතර කම්කරුවන්, කාන්තාවන් මෙන්ම ළමුන් ද සිටින බව සඳහාන් වෙයි.
අනතුර සිදුවීමත් සමඟ කිහිප දෙනෙකු බේරාගෙන ඇති වුවත්, ඔවුන්ට බරපතළ තුවාල සිදුව ඇති බව සඳහන්ය.
මෙම පතල පවතින ප්‍රදේශයට මේ දිනවල වර්ෂාව ඇඳහැලෙන අතර, ඒ හේතුවෙන් පස් තට්ටු කඩාවැටෙන බව සඳහාන් වී තිබේ.
කොල්ටන් ඛනිජ සපයන ප්‍රධානම පතලක් ලෙසින් සැලකෙන රුබායා පතලේ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
ලොවට කොල්ටන් ඛනිජ අවශ්‍යතාවෙන් 15% ක් පමණ නිෂ්පාදනය කරන්නේ මෙම රුබායා පතලෙන් බව සඳහන් වේ.
මෙම පතල 2024 සිට AFC/M23 නම් කැරලිකාර කණ්ඩායමේ පාලනය යටතේ පවති.

