Impartial news reporting for a stronger democratic society
සටන් විරාමය නැවතත් කඩාදමමින් ඊශ්‍රායලයෙන් ගාසාවට ගුවන් ප්‍රහාර – පුද්ගලයන් 31ක් මරුට

ඊශ්‍රායලය සටන් විරාමය නැවතත් උල්ලංඝනය කරමින් ගාසා තීරයට අද (31)  එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය බව  පලස්තීනයේ  සිටින Cyber World Press  විශේෂ නියෝජිත අනාවරණය කෙළේය.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසන්නේ, තම ප්‍රහාරවලින් හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම්වල අණ දෙන නිලධාරීන් හතර දෙනෙකු මෙන්ම ආයුධ ගබඩාවක්, ආයුධ නිෂ්පාදන ස්ථානයක් සහ රොකට් දියත් කිරීමේ ස්ථාන දෙකක ඉලක්ක  වූ බවයි.

ඊශ්‍රායලයේ මෙම  ප්‍රහාරයන් ඊජිප්තුව හෙළාදකිමින්  පවසන්නේ,  දිගු කලක් බලා සිටි රාෆා දේශසීමා හරස් මාර්ගය හෙට (01) නැවත විවෘත කිරීමට පෙර සටන් විරාමය උල්ලංඝනය කිරීම කාලෝචිත නොවන බවයි.

ඊට  ප්‍රතිචාර දක්වමින්  ඊශ්‍රායලය පවසන්නේ අපෙන් පමණක්  සාමය බලාපොරොත්තු නොවිය යුතු බවයි. ආයුධ ගබඩා, ආයුධ නිෂ්පාදන ස්ථාන සහ රොකට් දියත් කිරීමේ ස්ථාන වර්ධනය කිරීම සටන් විරාමයේ කොන්දෙසියක්  නෙවන  බව ඊශ්‍රායලය හමුදාව පවසයි.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සිවිල් ආරක්ෂක ඒජන්සිය සෙනසුරාදා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය බව පැවසීමෙන් පසු,

ඊජිප්තුවේ  විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශයක පවසන්නේ ,  සිවිල්  පුද්ගලයන්  ප්‍රහාරවලින් මිය යෑම අනුමත කළ නොහැකි බවත් , සියලු පාර්ශ්වයන්ගෙන්  තම රජය  ඉල්ලා සිටින්නේ රෆා හරස් මාර්ගය විවෘත කිරීමට පෙර “ උපරිම සංයමයෙන් ” කටයුතු කරන ලෙසයි.

පෙර සටන් විරාමයෙන් පසු පළමු වරට ඊජිප්තුව සහ ගාසා තීරය අතර දේශසීමා හරස් මාර්ගය හෙට නැවත විවෘත කිරීමට ඊශ්‍රායල හමුදා ඉඩ දීමට නියමිත බව පලස්තීනයේ  සිිටින Cyber World Press  විශේෂ නියෝජිත කියයි.‍

2026 ජනවාරි 31 වැනි දින ගාසා නගරයේ ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මිය යැමෙන් පසු මහල් නිවාස ගොඩනැගිල්ලකට සිදු වූ හානිය පලස්තීන ජාතිකයකු විසින් නිරීක්ෂණය කරනු ලැබූ අවස්ථාව. (AP ඡායාරූපය/ජෙහාඩ් අල්ෂ්රාෆි).

Follow by Email
LinkedIn
Share
WhatsApp