Impartial news reporting for a stronger democratic society
ස්කොච් විස්කිවලට  චිනය  පැනවු  තීරුබදු අඩු කරයි

බ්‍රිතාන්‍ය අගමැති  කීර් ස්ටාමර් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, චීනය විසින් ස්කොච් විස්කි සඳහා පැනවූ තීරුබදු සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට එකඟ වූ බව බ්‍රිතාන්‍ය අගමැතිගේ මාධ්‍ය ලේකම්  පසුගිය දා ( 29) ප්‍රකාශ කෙළේය.

මෙම තීරුබදු අඩු කිරීම, ප්‍රධාන වෙළෙඳපොළක් ලෙස සැලකෙන චීනය තුළ එක්සත් රාජධානියේ වටිනාම අපනයන නිෂ්පාදනවලින් එකක් වන විස්කි සඳහා සැලකිය යුතු දිරිගැන්වීමක් ලෙස සැලකේ.

එමඟින්, එක්සත් රාජධානියේ විස්කි අපනයනකරුවන්ට ඉදිරි වසර පහක කාලය තුළ පවුම් මිලියන 250කට ( අමෙරිකානු ඩොලර් මිලියන 345.35කට) ආසන්න අමතර වටිනාකමක් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කරන බව මාධ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කෙළේය

මූලාශ්‍රය- රොයිටර් 

Follow by Email
LinkedIn
Share
WhatsApp