
රුපියල් මිලියන 800 කට ආසන්න පාඩුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට (CPC) සිදු කිරීමේ චෝදනාව සම්බ්ධයෙන් හිටපු ඇමැති අර්ජුන රණතුංග සහ ඔහුගේ සොහොයුරු ධම්මික රණතුංග යන අයට කොළඹ මහාධිකරණය අධිචෝදනා ගොනු කැර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් පසුගිය දා පැවසීය.
ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අධිචෝදනා පත්ර දැනුම් දුන්නේය.
අර්ජුන රණතුංග ඇමැති ධුරය දැරූ කාලය තුළ සහ ධම්මික රණතුංග CPC සභාපති ධුරය දැරූ කාලය තුළ දිගුකාලීන තෙල් ප්රසම්පාදන කොන්ත්රාත්තු ප්රදානය කිරීම සඳහා CPC ක්රියා පටිපාටි වෙනස් කැර ඉහළ පිරිවැයක් සහිත ස්ථානීය මිලදී ගැනීම් සිදු කළැයි කියන චෝදනා මත මෙම අධිචෝදනා ගොනු කැර ඇත.
