
පාසල් ළමුන් අතර ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි.
අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.
පාසල් ආශ්‍රිතව අයිස් පලම්, බොම්බයි මොටයි, ටොෆි, බිස්කට් සහ සාරවිට ආශ්රයෙන් මාවා සහ බාබුල් වැනි මත්ද්‍රව්‍ය අඩංගු ආහාර ද්‍රව්‍ය විකිණීමේ ක්‍රමයක් පවතිනවා.
එවැනි ව්‍යාපාරික තැනැත්තන් සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරනවා. මේ වනවිට ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් කිසිඳු පුද්ගලයෙකුට සමාවක් නොලැබෙන බව අවධාරණය කළ යුතුයි. කොකේන්, අයිස් සහ හෙරොයින් යන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගැනීම මරණ දණ්ඩනය හිමි වන වරදක් බව දරන ගත යුතුයි. තම දරුවන් සහ හිතවතුන් මෙම මත් උවදුරේ ගොදුරක් වීම වැළැක්වීම සඳහා, තම ප්‍රදේශවල සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව පොලිසියට තොරතුරු ලබාදීම මහජනතාවගේ වගකීමක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් අවධාරණය කෙළේය
