Impartial news reporting for a stronger democratic society
අමෙරිකාවේ ආග­මන හා රේගු බලා­ත්මක කිරීමේ බළ­කාය  සංක්‍රමණිකයන් ඝාතනය කරති – ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණ තවදුරටත් වැඩි වෙයි

අමෙ­රි­කාවේ ආග­මන හා රේගු බලා­ත්මක කිරීමේ බළ­කායේ  නිල­ධා­රීන්ගේ වෙඩි තැබී­ම­කින් මින­සෝටා ප්‍රාන්තයේ මිනි­යා­පො­ලිස් නග­ර­යේදී 37 හැවි­රිදි පුද්ග­ල­යකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

සංක්‍ර­ම­ණි­ක­යන් වැට­ලීමේ මෙහෙ­යුම අත­ර­තුර සිදු වූ විරෝ­ධ­තා­වක් පාල­නය කිරී­මේදී එම ඝාත­නය සිදු වී ඇති අතර. මිය­ගිය පුද්ග­ලයා අමෙ­රි­කානු ජාති­ක­යකු බවද හෙළි වී තිබේ.

ඇලෙක්ස් ප්‍රෙටී නමැති එම පුද්ග­ල­යාට වෙඩි වැදී ඇත්තේ ආග­මන නිල­ධා­රීන්ගේ පහ­ර­දී­ම­කින් බිම ඇද වැටුණු විරෝ­ධ­තා­ක­රු­වන්ට සහාය වීමට උත්සාහ කිරී­මේදී බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්  අනාවරණය කරයි. විරෝ­ධතා මර්ද­නය කිරී­මේදී පිස්තෝ­ල­යක් අතැ­තිව සිටි පුද්ග­ල­යකු නිරා­යුධ කිරී­මට වෙඩි තැබූ බව එරට අභ්‍ය­න්තර ආර­ක්ෂක දෙපා­ර්ත­මේ­න්තුව නිවේ­ද­නය කළද, මිය­ගිය පුද්ග­ලයා සතුව තිබී ඇත්තේ පිස්තෝ­ල­යක් නොව ජංගම දුර­ක­ත­න­යක් බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

අමෙ­රි­කාවේ ආග­මන හා රේගු බලා­ත්මක කිරීමේ බළ­කායේ  නිල­ධාරීන් අතින් මේ මාස­යේදී සිදු වූ දෙවැනි ඝාත­නය මෙය වන අතර, ඔහුගේ ඝාත­නය මිනි­යා­පො­ලිස් නග­රයේ ට්‍රම්ප් විරෝ­ධය උත්සන්න වීමට හේතු වී ඇත.

සංක්‍ර­ම­ණි­ක­යන් වැට­ලීමේ මෙහෙ­යුම සහ මර්ද­නය වහාම අත්හි­ටු­වන ලෙස බල කර­මින් දහස් සංඛ්‍යාත විරෝ­ධ­තා­ක­රු­වන් නග­රයේ වීදි පුරා උද්ඝෝ­ෂ­ණ­යක නිර­තව සිටි. තවත් පිරි­සක් ඇලෙක්ස් ප්‍රෙටී වෙනු­වෙන් යුක්තිය ඉටු කරන ලෙස සඳ­හන් බැනර් ප්‍රද­ර්ශ­නය කර­මින් උද්ඝෝ­ෂ­ණය කළ බව ද සඳහාන්.විරෝ­ධ­තා­ක­රු­වන්ට ජලය, කෝපි ඇතුළු ආහා­ර­පාන නොමි­ලයේ ලබා­දී­මට අවට අව­න්හ­ල්වල් ඉදි­රි­පත් වී සිටින බවත්, නිව්යෝර්ක්, වොෂි­න්ටන් සහ ලොස් ඇන්ජ­ලීස් ඇතුළු නගර රැස­කට ද විරෝ­ධ­තාව පැතිරී ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp