Impartial news reporting for a stronger democratic society
සම්මුති විසම්මුති : පාස්කු ප්‍රහාර ගවේෂණය: වව්නතිව් ඝාතක සහරාන්ට ආවරණය සැපයීම

whatsapp sharing buttonmessenger sharing button

2018 නොවැම්බර් 30 වැනි දා අලුයම වව්නතිව්හි පොලිස් මුරපොළේ රාත්‍රී මුර සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ ගනේෂ් දිනේෂ් සහ  ප්‍රසන්න ඝාතනය කිරීම හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මත පටවා සහරාන් කණ්ඩායම හෙළිදරව් වීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාවන්හි සැලසුමක් තිබූ බව දැන් සාක්ෂි මඟින් තහවුරු වී  තිබේ.

කදිරගාමතම්බි රාසකුමාර් නොහොත් අජන්තන් නම් එක් දරු පියකු සහ විවාහකයකු වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු එදිනම අත්අඩංගුවට ගෙන දින තුනක් අනීතිකව පොලිස් භාරයේ තබා ගෙන සිටියේය. ඔහු ත්‍රස්ත පනත යටතේ රඳවා තැබීම කරන ලද්දේ සැලසුම් සහගත ලෙස ඔහුගේ යතුරු පැදි කබායක් ප්‍රහාරය ආසන්නයේ බොක්කුවක් යට දමා එය සොයා ගැනීමෙන් පසුය. එය බුද්ධි අංශ විසින් සකස් කරන ලද සැලැස්මකි.

qc5y46567

මෙම ප්‍රහාරය සහ කරුණූ සැඟවීම සිදු වූයේ ජනාධිපති සිරිසේන ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මඟින් රාජපක්ෂවරුන්ට ආණ්ඩු බලය ලබා දී මාසයක ගිය තැනය. මෙම සැලැස්ම කවරකු විසින් පිඹුරුත් කොට ක්‍රියාත්මක කරන ලද්දේ ද යන්න සොයා ගැනීම, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළ කරු හෙළිදරව් කර ගැනීමට වැදගත් සාක්ෂියක් වනවා ඇත.
පළමුවෙන් අජන්තන් වව්නතිව් පොලිසියට කැඳවන ලදී. ඉන් පසු මඩකලපුවේ පිහිටි කොට්ඨාස බුද්ධි අංශය වෙත රැගෙන ගොස් අනීතික ලෙස රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරන ලදී. ප්‍රන කිරීම් සඳහා වව්නතිව් පොලිස් ස්ථානයටද ගෙන ගියේය.
මෙම කුමන්රණ සැලැස්ම වෙත යෑමට පෙර, ගිය සතියෙහි මා ලියූ සාරා ජෙස්මින් කොහිද? යන ලිපියට  එකතුවක් කිරීමට තිබේ.

sara file

සාරා ජෙස්මින්

බොලිවාරියන් ගම්මානයේ නිවෙසවෙ තුළ එකී සාමූහික ස්වං ඝාතනයෙන් පසු මාර්ග බාධක දමා තිබූ ප්‍රධාන පාරෙහි පැමිණෙමින් තිබූ ත්‍රී රෝද රථයකට හමුදාව වෙඩි තැබු බව වාර්තා සඳහන් කරයි. එම වෙඩි තැබීමෙන් මිය ගියේ එම ත්‍රි රෝද රථයේ ගමන් ගත් කාන්තාව පමණි. එහි රිැදුරුට අනතුරක් සිදු වූ බව වාර්තා වී නැත. රිැදුරු බේරා මගියා ඝාතනය කිරීම ද උක්ත නිවස අසල හමුදාව විසින් හමුදා බුද්ධි අංශ විසින් තොරතුරුකරුවකු වූ නියාස් සහ සහරාන්ගේ සහෝදරයා වූ ෂෙයිනි වෙඩි තබා මරා දැමීමට සම්බන්ධ බවට සැකයක් තිබේ.

එම සැකය මතු කරන මූලාශ්‍ර පෙන්වා දෙන්නේ එලෙස වෙඩි තබා මරා දමන ලද කාන්තාව ස්වයං ඝාතනය සිදු වූ නිවෙවෙකුලියට ගන්නා ලද කාන්තාව බවයි. එම නිවස අසල වූ සීසී ටීවී පටිගත කිරීම් හමුදා කණ්ඩායමක් විසින් ගලවා ගෙන ගිය නමුත් තවමත් එම පටිගත දර්ශන විමර්ශකයින් වෙත ලැබී නැත. මෙම නිවෙවෙකුලියට ගන්නා ලද්දේ කවරකු විසින්ද? එම පුද්ගලයා බුද්ධි අංශ සමඟ සම්බන්ධයක් තිබුණේ ද යන්න ප්‍රශ්නය ද එම මූලාශ්‍ර මතු කරති.

new pppවත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකර

ආණ්ඩුව පාස්කු ප්‍රහාර පිළිබඳ කෙරී ගෙන යන විමර්ශනයන්හි පාර දෘශ්‍ය බව රැක ගැනීම පමණක් නොව ඒ බව පෙනෙන්නට සැලැස්වීමද අත්‍යවශ්‍යය. ඒ සන්දර්භයෙහි, බොලිවාරියන් ගම්මානයේ එකී පුපුරුවා ගැනීම අවස්ථාවෙහි නැඟෙනඟෙර පලාතෙහි යුද හමුදා ප්‍රධානියා වූ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සම්බන්ධයෙන් විපක්ෂය ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට ඉඩ නොදීම අවිශ්වාසයන්ට හේතු විය හැකි බව ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබුණි. හමුදා බුද්ධි අංශය වාර්තා කළේ අරැණ ජයසේකරට නොවන බවත් සැබෑය. එනමුත් පුපුරුවා ගැනීම සිදු වූ දින යම් යම් හමුදා ප්‍රධානීන්ගේ හැසීරීම සැක කටයුතු වී නම් එහි යම් වගකීමක් අරුණ ජයසේකරට නැතයි කීම දුෂ්කරය. එම රැයෙහි ඔහු ද එහි සිටියේය.

දැන් වව්නතිව්  ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් වසං කිරීමට එලූ බුද්ධි අංශ දැල දෙස විස්තරාත්මක ව බලමු.

wawnathiw9c823
මඩකලපුව මුලස්ථාන දිසා බුද්ධි ඒකකයට අනුබද්ධව සිටි සාජන්වරයකු වු ආදම් ලෙබ්බේ මොහොම්මදු අලීඛාන් වව්නතිව්හි පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරයෙන් එම ප්‍රහාරය පිළිබඳ මොහොම්මදු අලීඛාන් තවත් සාජන්වරයකු වූ ඉර්ෂාඩ් සමඟ තොරතුරු සෙවීමක යෙදුණි. ඔහු කියා සිටින්නේ තමාගේ ඥාතියකු වන සිවිල් තොරතුරුකරුවකු වූ කලීල් මොහොමදු මස්පි (අන්වර්ථ නාමය නසීර්) එකී ප්‍රහාරය ගැන කිසිදු තොරතුරක් තමාට ලබා නොදුන් බවයි.

වසං කිරීමේ දැල යට සිට ඉහළටම ගමන් කරයි

එසේ වුවත් කලීල් මස්ලි නොහොත් නසිර් කියන කතාව ඊට වෙනස්ය. නසීර් 2015 සිට යුද හමුදා බුද්ධි තොරතුරුකරුවකු ලෙස කටයුතු කෙකෙය. කලීල් මස්පි නසීර් සහරාන් කණ්ඩායම තුළට රිංගා සිටි බුද්ධි නිලධාරියකු විය.
හමුදා බුද්ධි අංශයේ ගෘෘප් කමාන්ඩර්වරයකු යටතේ නසිර් 2015 සිට සහරාන් ඇතුළු පිරිස පිළිබඳව බුද්ධි අංශයට තොරතුරු ලබා දී තිබේ. මේ බවට සැක සිතුණු සහරාන්ගේ සහෝදරයකු  වූ රිලිවාන් නසීර් මරා දැමීම පිණිස ඔහුට වෙඩි තැබුවේය. තුවාල ලද නමුත් නසීර්ට ජීවත්වීමේ වාසනාව තිබුණි.

වව්නතිව් මුරපොළට පහර දුන් දිනයේ සහරාන්, මිල්හාන් ඇතුලු පිරිස උන්නච්චියේ ජීවත් වූ ගපූර් මාමාගේ නිවසට ගොස් එළුවකු මරා ඒ මස් සමඟ බත් අනුභව කර තිබේ. නසීර් මෙම තොරතුර දුන් පුද්ගලයාගේ නමද සිදුවීමද බුද්ධි අංශයට වාර්තා කළේය. එදිනම මිලහාන් රොදයක හුළං බැස ගිය යතුරු පැදියක් තලලු කර ගෙන මුරපොල අසළින් ගමන් කළ බවට වූ තොරතුරද නසීර් වාර්තා කළේය. එනමුත් මෙම තීරණාත්මක තොරතුරු මඩකලපු හමුදා බුද්ධි අංශය නොසලකා හැරියේය.  නසීර් තවදුරටත් කියන්නේ තමා දුන් බුද්ධි තොරතුරු ගොනුව  බුද්ධි නිලධාරියකු විසින් රැගෙන ගිය බව තමන්ට දැන ගන්නට ලැබුණූ බවයි.

easter02893

මෙම ගපූර් මාමා නම් අය මුරපොළට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නමුත් ඉහළ පොලිස් නිලධාරියකුගේ නියෝගය මත ප්‍රශ්න නොකරම නිදහස් කරන ලදී. යළි ඔහු අත්අඩංගුවට ගැනුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් පසුවය. ගපූර් මාමා 2028 නොවැම්බර් 30 වැනි දා මඩකලපු පොලිසියෙන් නිදහස් කිරීමට නියෝග කෙකෙ තමන් නොවන බව උසස් පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති. එසේ නම් ඔහු නිදහස් කිරීමට නියෝග කළේ කව්ද?  ගපූර් මාමා සහරාන් කණ්ඩායම ගැන දැන නොසිටින්නට හේතුවක් නැත.

මඩකලපු පොලිසියේ බුද්ධි අංශ නිලධාරියකු වන රෙබට් රෑබන්ට අනුව ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හරක් මෝහන්, හරක් ශ්‍රි, ගපූර් මාමා හා තවත් අයෙක් පොලිස් පොතෙහි නොලියා නිදහස් කරන ලද්දේ එහි ඉහළ පොලිස් නිලධාරියාගේ එනම් නියොජ්‍ය පොලිස්පතිවරයාගේ  නියෝගයක් මත බව බුද්ධි නිලධාරියකු ඔහුට  ප්‍රකාශ කර තිබේ. තමා එවැනි නියෝගයක් නොදුන් බව කියන නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර කියන්නේ එවැනි පුද්ගලයින් නිදහස් කෙකෙ නම් මඩකලපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් කරන ලද නියෝගයක් අනුව එය සිදු වන්නට ඇති බවයි.

9 1068x601

එම අවස්ථාවෙහි දී ගපූර් මාමාගෙන් ප්‍රශන කරනු ලැබුවේ නම් සහරාන් කණ්ඩායම ගැන දැන ගැනීමටත් එමගින් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමටත් ඉඩ ප්‍රස්තා තිබූ බව මඩකලපු පොලිසියේ තවත් උසස් නිලධාරියකු ප්‍රකාශ කර තිබේ. ගපූර් මාමා අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද්දේ කවරකු විසින් ද යන්න තවම විසදී නැති අභිරහසකි.
 වවනතිව් මුරපොළට එල්ල  වූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු වසං කළ බවට  චෝදනා ලබා ඇති තවත් යුද හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනෙකු පිළිබඳව ද විමර්ශනය සොයා ගත්තේය. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාව උපුටා දක්වා  2025 ජූලි මාසයේ දී ලිපියක් පළ කළෙමි.

ajanthan

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වූ අජන්තන් අත්අඩංගුවට ගැනුණේ එදාමය. හරියට ප්‍රහාරකයා ගැන පොලිසිය දැන සිටි පරිදිය. අජන්තන් පොලිසියට ගියේ සිය යතුරු පැදියෙනි. ඔහු සතු එකම යතුරු පැදි කබායද ඔහු පැළද සිටියේය.
එම අවස්ථාවෙහි වව්නතිව් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති වූයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කන්කාන්ත්‍රිගේ ඩෙන්සිල් නිශාන්ත අප්පුහාමිය. ඔහුට අනුව අජන්තන් අත්අඩංගුවට ගන්නා ලද්දේ රාජ්‍ය බුද්ධි සේවයේ මඩකලපු ස්ථානාධිපතිවරයාගේ තදබල බලපෑම නිසාය.
රෝහල් ගතව සිට නිවසට ආ විගසම ඔහු බැලීමට ඔහුගේ බිරිය පැමිණයේය. එවිට අජන්තන් සිය කලුපාට යතුරු පැදි කබාය නිවෙවෙ ගෙන යන ලෙස ඇයට කීවේය. ඇය එය ගෙන ගොස් නිවස ඉදිරියෙහි වූ මඩුවෙහි එල්ලා තබන ලදි. එතැන දරුවන්ගේ පාසල් බෑග් සහ තවත් අඩුම කුඩුම ද  තිබුණි. මුලු ගෙදරටම තිබුණේ එම කළු කබාය පමණි.

ප්‍රහාරයෙන් දින තුනකට පසු ඒ අසල කන්නන්කුඩා ප්‍රදේශයේ කොක්අඩිචෝලේ  මාර්ගයේ බොක්කුවක් යට තිබී රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියකු වූ යාසිම් බාවා ජෙගීල් පාස් විසින් සොයා ගත්තේ එම නිවසෙහි තිබී සොරා ගන්නා ලද යතුරු පැදි කබායයි. අජන්තන්ගේ මවට සහ දියණියට අනුව තට්ට හිසක් තිබූ සිඅයිඩී  නිලධාරියකු විසින් එය රැගෙන ගිය බව පෙනේ. එම නිලධාරියාගේ නම ද දැන් විමර්ශකයින් සතුව තිබේ. අජන්තන්ගේ නිවස අවට සොදිසි සඳහා යොදවා තිබුණේ සිද්ධික් මවුලානා නම් බුද්ධි සේවා නිලධාරියාය.

කබාය සොයා ගත් බව කියන ජෙගීල් පාස් තමන්ට එම බොක්කුව යට වූ කබාය ගැන දැනුම් දුන්නේ කවරකුද යන්න ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරයි. ඔහු මෙම තෙරතුරු තමන්ට ලැබුණූ ආකාරය පිළිබඳව කිසිදු සටහනක් ඔහුගේ පොලිස් අත් පොතෙහි සටහන් කර නැත. මෙතරම් තීරණාත්මක තොරතුරක් සම්බන්ධයෙන් පොලිස් වාර්තාවන්හි සටහන් නොකළේ ඇයි ද යන්නට ජෙගිල් පාස්ට පිළිතුරක් නැත. බුද්ධි නිලධාරියකු වන යෙගිල් පාස් ගේ දුරකතනය පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවම අවසර ලැබී නැත.
මෙම කබාය දින තුනකට පසු බෝක්කුව යටට ගෙනවිත් දමන ලද බවට ඇති තවත් සාක්ෂියක් ඉව සහිත පොලිස් සුනඛයින් භාරව සිටින සාජන් විජේනායකගේ සාක්ෂියෙන් පෙනේ. ඔහු සඳහන් කරන්නේ ස්ථානයෙහි වැස්ස, ජනතාව ගමන් කිරීම වැනි සාධක පත ඉව කළ හැකි පැරමෝන ශ්‍රාවය ඉවත් වන බවයි. ප්‍රහාරය සිදු වූ නොවැම්බර් 30 වැනි දා සහ දෙසැම්බර් 03 වැනි දා අතර තුර එම ස්ථානයට කඩින් කඩ වැසි ඇති විය. පොලිස් සුනඛයා අජන්තන්ගේ නිවෙවෙ ගමන් කිරීමෙන් පෙනී යන්නේ එම කබාය නිවසේ තිබී සොරා ගෙනවිත් දැමූ බවයි.

pasku 2
පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස අදිසි බලවේගයක් සිටි බවත් එම බලවේගය ජාල ගත බලගතු හස්තයක් වූ බවටත් වවුනතිව් ප්‍රහාරය පිළිබඳ වත්මන් විමර්ශනය ද ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කරයි.

(උපුටා ගැනීම – srilankabrief.org)

(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com

Follow by Email
LinkedIn
Share
WhatsApp