
චීන වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැතිවරයා හමුවී අපනයනය සඳහා පලතුරු සහ එළවළු වගා කිරීම කෙරෙහි අවධානය යොමු කැර ඇති අනාවරණය වෙයි.
දැනට භාවිතයට නොගත් ඉඩම් මහා පරිමාණ කිරි ගොවිපොළවල් සහ එළවළු සහ පළතුරු වැනි අපනයන-නැඹුරු කෘෂිකාර්මික නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා යොදා ගැනීම මෙම නියෝජිත පිරිසේ අරමුණ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පැවසීය.
ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සහ මහවැලි අධිකාරියට අයත් ඉඩම් මේ සඳහා චීන ආයෝජකයින්ට පිරිනැමීමට නියමිතය.
නියෝජිත පිරිස ඇමැති කේ. ඩී. ලාල්කාන්ත සමඟ ‘වැදගත් කරුණු කිහිපයක්’ සාකච්ඡා කළ බව නිවේදනයේ සඳහන් වේ.
චීන වාණිජ මණ්ඩල නියෝජිත කණ්ඩායම මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඇමැතිවරයා ධනාත්මකව ප්‍රතිචාර දැක්වා ඇත..
