Impartial news reporting for a stronger democratic society
ෂින්සෝ අබේගේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) මහතා ඝාතනය කළ 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි (Tetsuya Yamagami ) නැමැති පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කැර  ඇති බව අනාවරණ වෙයි.

විදෙස් මාධ්‍ය  සඳහාන් කරන පරිදි, එම තීන්දුව ජපන් අධිකරණයක් අද (21) ලබා දී  තිබේ.

ෂින්සෝ අබේ මහතා 2022 ජූලි මාසයේදී, ජපානයේ බටහිර නාරා නගරයේ පැවති දේශපාලන රැලියක් අතරතුර වෙඩි තබා ඝාතනය කැර ඇත.

ඝාතනය සිදුවී වසර තුනහමාරකට පසුව මෙම නඩුවට අදාළව අධිකරණය ලබා දුන් මෙම තීන්දුව, ජපාන නීති ඉතිහාසයේ වැදගත් තීරණයක් ලෙස ද සැලකෙයි.

ෂින්සෝ අබේ මහතා ජපානයේ දිගු කාලයක් අගමැති ධුරය දැරූ නායකයෙකු වූ අතර, ඔහුගේ ඝාතනය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයට ද විශාල බලපෑමක් ඇති කළ සිදුවීමක් විය.

ඝාතන සිදුවීමට වරදකරු වූ ‘ටෙට්සුයා යමගාමි’ (Tetsuya Yamagami) සිර මැදිරියට යෑමට පෙර හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) මහතාගේ පවුලේ අයගෙන් පළමු වරට සමාව අයැ ද සිටි බව තෝකියෝ නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp