Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තා­නය සහ අමෙ­රි­කාව ඛනිජ සම්පත් ගිවි­සු­මක් !

වසර 2028 දී පාකි­ස්තා­නයේ පතල් ව්‍යාපෘති පුළුල් කිරීමේ  අරමුණ ඇතිව  අමෙ­රි­කාව සහ පාකි­ස්තා­නය අතර අදි­යර තුන­කින් සම­න්විත සංව­ර්ධන සැල­සු­මක් ක්‍රියා­ත්මක කැර ඇත.

එම සැල­සුම යටතේ දෙරට ඩොලර් මිලි­යන 500ක දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ගිවි­සු­ම­කට එක්වී සිටින අතර, එහි පළමු තොගය පසු­ගිය වසරේ ඔක්තෝ­බර් මාස­යේදී අමෙ­රි­කා­වට නැව්ගත කැර ඇති බව  සඳහාන් වෙයි.

අමෙ­රි­කාව සමඟ මාස ගණ­නා­වක වෙළෙඳ සාක­ච්ඡා­ව­ලින් පසු සිදු වූ එම නැව්ගත කිරිම මඟින් අව­දා­න­මට ලක් විය හැකි සැප­යුම් මාර්ග ශක්ති­මත් කැර ­ගැ­නී­මට පාකි­ස්තා­න­යට මේ මඟිනි අව­ස්ථාව ලැබී තිබේ.

පාකි­ස්තා­නය සතුව අති­වි­ශාල ඛනිජ සංචි­ත­යක් ඇති අතර, වර්ග සැත­පුම් 2,30,000ක වප­ස­රි­ය­කින් යුතු එම ඛනිජ සංචි­තයේ වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් ට්‍රිලි­යන 6ක් බවට  පාකිස්තාන රජය තක්සේරු කැර තිබේ.

එහෙත් එම සංචි­තය භාවිත කිරී­මට සහ ප්‍රති­ලාභ ලැබි­මට නිශ්චිත වැඩ­පි­ළි­වෙ­ළක් රජ­යට නොමැති හේතු­වෙන් වසර ගණ­නා­වක් පුරා දරුණු ආර්ථික අර්බු­ද­ය­කට මැදි වී සිටින පාකි­ස්තා­න­යට සිය ඛනිජ සම්ප­ත්ව­ලින් නිසි ප්‍රයෝ­ජන ගැනී­මට නොහැකි වී ඇති බව සඳහාන්ය. වර්ත­මා­න­යේදී එරට ඛනිජ ක්ෂේත්‍රය ආශ්‍රි­තව සිදු­වන දළ දේශීය නිෂ්පා­ද­නය 3.2%ක් පම­ණක් බවත්, එය ගෝලීය ඛනිජ අප­න­ය­න­යෙන් 0.1%ක් පම­ණක් බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp