Impartial news reporting for a stronger democratic society
ගල් අඟුරු තොග සපයා ගැනීමට  බැරි වුණොත්   මුළු ආණ්ඩුවම කළු වෙනවා ! – දිනන දකුණ සාමූහිකය කියයි

ශ්‍රී ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වලක්වා ගැනීමට නොහැකි තත්ත්වයක්  උදාවන බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසයි.
‘දිනන දකුණ සාමූහිකය’ වෙනුවෙන් තුෂාර වීරරත්නගේ  අත්සනින්  නිකුත් කැර  ඇති මාධ්‍ය නිවේදනයේ මේ බව සඳහන් වේ.

එම නිවේදනයේ  තවදුරටත් මෙසේ ද සඳහාන්ය.
පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීම ආණ්ඩුව පියවර ගත යුතුයි. එසේ නොවේ නම් නැවත රටටම බලපාන විදුලි අර්බුදයක් ඇති වීම නොවැලැක්විය හැකි වනු ඇතැයි ද එම නිවේදනයෙන්  පෙන්වා දෙයි. 

 බලශක්ති අමාත්‍යාංශයේ අකාර්යක්ෂමතාව හේතුවෙන් මේ වන විට රටට ආනයනය කළ ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කැර ගත නොහැකිව තිබේ.මේ වසරේ අප්‍රේල් මාවන විට රටට අවශ්‍ය ගල් අඟුරු තොග ගොඩ බෑම කළ යුතුයි. මේ වන විටත් ගල් අඟුරු නැව් පහක් රටට පැමිණිය යුතුව ඇතත් ගෙන්වා ගෙන ඇත්තේ නැව් දෙකක් පමණයි. නිසි වේලාවට ගල් අඟුරු තොග ලබා ගැනීමකින් තොරව ඩීසල් විදුලි මාෆියාවට අවස්ථාව සැලසීම මෙයට පෙර අවස්ථා ගණනාවක දී සිදුව තිබේ.
නොරෙච්චෝල බලාගාරයේ යන්ත්‍ර වසා දැමීම හා රටේ විදුලි සැපයුම සීමා කිරීම ද මේ නිසා සිදුව ඇත.
ප්‍රමිතියක් සහිත ගල් අඟුරු ගෙන්වා ගැනීම හා ඒවා සම්බන්ධයෙන් නිසි ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට නොහැකි වීමට  ආණ්ඩුව අසමත් භාවයක් පෙන්නුම් කැර ඇත. එයට බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා ගල් අඟුරු සමාගම වගකිව යුතුයි. ගල් අඟුරු ටෙන්ඩරයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විධිධ පාර්ශ්ව වෙතින් එල්ල වන චෝදනා පිළිබඳ ආණ්ඩව පාර්ශ්වයෙන් කිසිදු පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට කටයුතු කැර නැත.

සති දෙකක් පුරා ආනයනික ගල් අඟුරු බාර ගැනීම හෝ ප්‍රතිකේෂ්ප කිරීමක් ද සිදුව නැත. යම් ලෙසකින් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වන්නේ නම්, රටට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ගෙන්වා ගැනීමේ දැවැන්ත අර්බුදයක් මතු විය හැකියි.එම තත්ත්වය වලක්වා ගැනීමටත්, ගල් අඟුරු මිලදී ගැනීමේ දී පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කිරීමටත්  ආණ්ඩුවේ වගකීමක් බව දිනන දකුණ සාමූහිකයේ ස්ථාවරය  වන බව එම නිවේදනයේ වැඩි දුරටත්  සඳහාන් කැර ඇත..

Follow by Email
LinkedIn
Share
WhatsApp