
නීතිපති පාරින්ද රණසිංහ ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුවට බල කරමින් කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී හෙට (21) උදේ 10ට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සිවිල් සංවිධාන ගණනාවක් සැලසුම් කැර ඇති බව සඳහාන් වෙයි.
එම සිවිල් සංවිධාන නිකුත් කළ පුවත්පත් නිවේදනයේ මෙසේද සඳහය.
ත්‍රිකුණාමලයේ, අනවසර ඉදි කිරීමක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින චූදිතයන්ට ඇප ලබා දෙන ලෙස නීතිපතිවරයා ගෙන ගිය අයුතු මැදිහත්වීම මෙම විරෝධතාවයට ආසන්න ම හේතුව වී ඇති බව ඔවුන් සඳහාන් කරයි.
පාරින්ද රණසිංහ නීතිපති ධුරයට පත් කළ දින සිට ගෙවී ගිය වසර 3කටත් අඩු කාලය තුළ එම තනතුරට නොගැලපෙන ක්‍රියාවන් 20කට අධික ප්‍රමාණයක් සිදු කැර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා අතර, මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ චූදිතයන් තිදෙනෙකු සම්බන්ධ චෝදනා ඉල්ලා අස් කැර ගැනීම ද පවතී.
මේ ආකාරයට දිගින් දිගටම ඔහු ගෙන යන තනතුර අවභාවිතා කිරීමට එරෙහිව මෙම නිහඬ විරෝධතාව සංවිධානය කැර ඇති අතර, නීතිපති ධුරයෙන් ඔහුව ඉවත් කරන ලෙස බල කිරීම දක්වා ප්‍රබල විරෝධයක් හට ගෙන තිබේ..
