Impartial news reporting for a stronger democratic society
චීනයේ “ Xue Long ” නෞකාව ඇන්ටාක්ටික් ගවේෂණ මෙහෙයුම අරඹයි

ඇන්ටාක්ටික් ගවේෂණ මෙහෙයුම ක්‍රියාත්මක කරන  චීනයේ “Xue Long” විද්‍යාත්මක ගවේෂණ නෞකාව සාගර විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම් ආරම්භ කැර තිබේ..

ඊයේ (16) එම නෞකාව Amundsen මුහුද වෙත යාත්‍රා කරන අතරතුර පළමු ඉවත දැමිය හැකි තාප-ගැඹුරු මීටරය යෙදීම එය සනිටුහන් කෙළේය.

චීනයේ පර්යේෂණ ආයතන සහ විශ්වවිද්‍යාල 12කට අයත් 31 දෙනෙකුගෙන් එම සාගර විද්‍යාත්මක පර්යේෂණ කණ්ඩායම සමන්විතය. 2026 වසරේ ජනවාරි මැද සිට පෙබරවාරි මැද දක්වා බටහිර ඇන්ටාක්ටිකාවේ Amundsen මුහුද සහ Ross මුහුද කෙරෙහි පුළුල් සමුද්‍ර විද්‍යාත්මක සමීක්ෂණයක් පැවැත්වීමට එම කණ්ඩායම සැලසුම් කරයි. මෙය චීනය සිදු කළ 42 වැනි ඇන්ටාක්ටික් ගවේෂණ මෙහෙයුම වෙයි.

2018 වසරේ සිට චීනය අඛණ්ඩව වසර අටක් Amundsen මුහුදේ බහුවිධ විස්තීර්ණ සමීක්ෂණ පවත්වා ඇත. ගෝලීය දේශගුණික විපර්යාසය සමුද්‍ර පරිසර පද්ධතියට සිදු වන බලපෑම් තක්සේරු කිරීම සඳහා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වටිනා දත්ත සපයනු ඇතැයි සැලකේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp