
ඩුබායි හි සැගවී සිටි සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනකු සහ මුදල් වංචාවක් සම්බන්ධ විමර්ශන සඳහා අවශ්‍යව සිටි කාන්තාවක් විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් අත්අඩංගුවට ගෙන අද (16) අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිණි.
දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ අද අලුයම 05.20 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් රැගෙන විත් තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා අතර ඇල්පිටිය , ඌරගහ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි රවීන් චමින්ද වීරසිංහ නොහොත් පුංචා නැමති සැකකරු ද සිටින බව අනාවරණය වෙයි.අනෙක් පුද්ගලයා වන්නේ කදාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කිරිඇල්දෙණියගේ දොන් රසික සංජීව කුමාර නොහොත් චූටි මල්ලී නැමැති සැකකරුය.

මොවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, කප්පම් ගැනීම , මංකොල්ලකෑම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා චෝදනා ලැබූවන් බව පොලිසිය සඳහාන් කරයි.
මෙයට අමතරව මුදල් වංචා කිරීමක් සම්බන්ධ පොලිස් විමර්ශන සඳහා අත්‍යාවශ්‍යව සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි හේවා කසකාරගේ නිශාමනී ද සිල්වා ද මෙසේ අත්අඩංගුවට ගෙන රැගෙන විත් තිබේ.
මෙම සැකකරුවන් තිදෙනාව අද උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත දැඩි ආරක්ෂක රැකවල් මද රැගෙන ගොස් තිබේ.
කටුනායක ටී.කේ.ජී.කපිල
විසින්
