
ගෝලීය ආර්ථිකයේ දැඩි කැලඹීමකට හේතු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු සහ වෙළෙඳ ප්‍රතිපත්තිය මධ්‍යයේ පසුගිය වසරේදී භාණ්ඩ අපනයනයෙන් චීනය ඩොලර් ට්‍රිලියන 1.19ක අතිරේක ලාභයක් උපයා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
චීන ආර්ථිකයේ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් ට්‍රිලියනයක අතිරේක ලාභයක් උපයාගත් පළමු අවස්ථාව මෙය බව ද සඳහාන් වේ. එය එතෙක් මෙතෙක් ලොව ඕනෑම රටක් භාණ්ඩ අපනයන වෙළෙඳාමෙන් ලැබූ විශාලතම අතිරේක ලාභය බවට ඉතිහාසයට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි.
එරට රේගු නියෝජ්‍ය අධ්යක්ෂ වැන්ං ජුන් ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය වෙළෙඳාමේ අභියෝග සැලකිල්ලට ගැනීමේදී අසාමාන්‍ය සහ දුෂ්කර ජයග්‍රහණයක් බවය. පසුගිය වසරේදී අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ කටයුතු දුර්වල වූවද, සෙසු රටවල් සමඟ ඇතිකරගත් ශක්තිමත් වෙළෙඳ සහයෝගිතාව ඊට හේතු වූ බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
