Impartial news reporting for a stronger democratic society
ඒකීය රාජ්‍යය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නැයි තමිල්නාඩු මහ ඇමැති,අගමැති මෝදිගෙන් ඉල්ලයි

ෆෙඩරල් ව්‍යවස්ථාවක් සම්මත කැර ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික පීඩනයක් ශ්‍රී ලංකාවට එල්ල කරන ලෙස තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් , ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ල ඇති බව අනාවරණය වෙයි.

තමිල්නාඩු මහ ඇමැතිවරයා මේ බව  පවසා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකින් සති කිහිපයකට පසුවය.

“  විශේෂයෙන් , පළාත්වලට බලය බෙදා හරින, වාර්ගික සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ බහුත්වවාදය සහ සමානාත්මතාවයේ මූලධර්ම ආරක්ෂා කරන ෆෙඩරල් විධිවිධාන ඇතුළත් කිරීමට ඉන්දියාව බලපෑම් කළ යුතු” බව තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්, ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යවමින් කියා තිබේ.

“ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව, ජනවාර්ගික ගැටලුව විසඳීමේ මුවාවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමේ උත්සාහයන් වේගවත් කරමින් සිටින බවත්, මෙම යෝජිත රාමුව නැවතත් ඒකීය රාජ්‍ය ආකෘතියක් ශක්තිමත් කරමින් සිටින බවත් ,එය දෙමළ ජනතාවගේ දේශපාලන ස්වයං පාලනය සඳහා වන නීත්‍යානුකූල අභිලාෂයන් නොසලකා හැරීමෙන් ඔවුන් තවදුරටත් කොන් කිරීමට තර්ජනය කරයි”  යනුවෙන් තමිල්නාඩු  මහා ඇමැතිවරයා තම අගමැති නරේන්ද්‍ර මෝදි වෙත දන්වා  ඇති බව අනාවරණය වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp