Impartial news reporting for a stronger democratic society
  ට්‍රම්ප් ට අපි බය නෑ , කියුබාව ආරක්ෂා කිරීමට සූදානම් ! – කියුබානු ජනාධිපති කියයි

 අමෙරිකාව මෙන් කියුබාව වෙනත් රටවලට පහර දෙන්නේ හෝ තර්ජනය කරන්නේ නැති බවත්, කියුබාව නිදහස්, ස්වාධීන සහ ස්වෛරී ජාතියක් වශයෙන් කටයුතු කරන බවත්, අවසාන මොහොත දක්වා  දිවිහිමියෙන් රට  අරක්ෂා කරන බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් මහතා  ප්‍රකාශ කැර තිබේ.

කියුබානු ජනාධිපතිවරයා එසේ පැවසුවේ,වෙනිසියුලාවට “ආරක්ෂක සේවා” ලබා දුන් බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඊට පිළිතුරු දෙමිනි.

කියුබානු ජනතාව තමන් කැමැති දේශපාලන ආකෘතිය තෝරා  ගත්, ස්වෛරී තීරණ ගන්නා රටක් බව අමෙරිකාවට අවබෝධයක් ඇතැයි තමන් විශ්වාස කරන බව ඩයස් කැනල් ජනාධිපතිවරයා  වැඩි දුරටත් පවසා තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp