
පිලිපීනයේ මැනිලා නුවරට ආසන්නයේ ඇති දැවැන්ත කුණු කන්දක් හදිසියේ කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මෙම අනතුරට පත් වූවන්ගෙන් බොහෝ දෙනා එම කුණු කන්දේ සේවයේ නිරතව සිටි පුද්ගලයන් බව පිලිපීන නිලධාරීන් සඳහන් කැර ඇත.
අනතුරෙන් පසු ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කැර ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා හදිසි සේවා කණ්ඩායම් සේවයේ යොදවා ඇත.
කුණු කන්ද කඩා වැටීමට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත්, ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කැර ඇති බවත් එරට බලධාරීන් වැඩිදුරටත් දැනුම් දී ඇත.
