
සුළුතර ආගමික ප්‍රජාවන් ඉලක්ක කරමින් සිදුවන ප්රචණ්ඩත්වය ඉහළ යෑම හේතුවෙන් බංග්ලාදේශයේ බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි ප්‍රජාව නියෝජනය කරන සංවිධාන රැසක් අන්තර්වාර ආණ්ඩුවට විරෝධතාව පළ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
මිලියන 170ක ජනගහනයකින් සමන්විත මේ මුස්ලිම් රාජ්‍යයේ මහමැතිවරණය ලබන මස පැවැත්වීමට නියමිත අතර, ඝාතන සිදුවීම් 10ක් ඇතුළුව පසුගිය මාසයේදී එරට සුළුතර ප්‍රජාව ඉලක්ක කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා 51ක් සිදුවී ඇතැයි බෞද්ධ, හින්දු සහ ක්‍රිස්තියානි ප්‍රජාව නියෝජනය කරන සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කැර ඇත.
උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවත්, ඉහළ ගිය ප්රචණ්ඩත්වය හේතුවෙන් එරට සුළුතර ප්‍රජාව දැඩි භීතියට පත්වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහාන් කරයි. සුළුතර ප්‍රජාවට එරෙහි ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව උදාසීන අයුරින් කටයුතු කරන බවට ද චෝදනා එල්ල වී ඇති අතර, නිවාස ගිනි තැබීම්, ස්ත්‍රී දූෂණ සහ කොල්ලකෑමේ සිදුවීම් රැසක් ද සිදු වී ඇත බව එම සංවිධානය වැඩිදුරටත් නිවේදනය කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)
