
වාමාංශික යැයි කියා ගනිමින් මේ රටේ බලයට ආ ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුව විවිධ ප්‍රජාවන් සඳහා නීතිය වෙනස් ලෙස භාවිතා කරන බව ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා චෝදනා කැර සිටි.
ඒ් මහතා මේ බව පැවසුවේ පසුගිය දා (06) පාර්ලිමේන්තුව අමතමිනි.
තවදුරටත් ඒ් මහතා මෙසේද පැවසීය.
සමානාත්මතාවය සහ ජාතික සමගිය සහතික කිරීම් ක්‍රියාත්මක වන්නේ කවදා ද යන්න කිවයුතුයි.යුද්ධයෙන් පසු උතුරේ බෞද්ධ නොවන ආගමික ස්ථාන දෙකක් විනාශ කර තිබෙනවා.
මහින්ද රාජපක්ෂ පාලන සමයේදී හමුදාව මයිලට්ටි හි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කතෝලික පල්ලියක් විනාශ කළා. හින්දු සහ සිව ආගමික ස්ථානයක් විනාශ කළා. දෙමළ ජනතාවගෙන් බලහත්කාරයෙන් ලබා ගත් ඉඩමක අලුතින් ඉදිකරන ලද බෞද්ධ විහාරස්ථානය ඉවත් කිරීම ඒ් නිසා වැරදි නැහැ.
පන්සල වන තිස්ස විහාරය තායියට්ටි හි පිහිටා තිබෙනවා., එයට එරෙහිව දෙමළ ජනතාව සෑම පුර පසළොස්වක පොහොය දිනකම විරෝධතා දක්වනවා. තිස්ස විහාරය ඉදි කර ඇති ඉඩම ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. වත්මන් පාලනය යටතේ පවා උතුරේ ජනතාව හමුදා මර්දනය යටතේ ජීවත් වූණා. පළමු වෙන්ම තිස්ස විහාරය ඉදිකිරිම නතර කරන ලෙස මම ඉල්ලා සිටිනව
