
ජපානයේ න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සියේ නිලධාරියකුගේ ජංගම දුරකතනය චීනයේ ෂැංහයි ගුවන්තොටුපොළළේ දී අස්ථානගත වී ඇතැයි විදෙස් මාධ්‍ය පසුගිය දා අනාවරණය කැර ඇත.
ජපාන න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය සතු අතිශය සංවේදී තොරතුරු එම දුරකතනයේ ඇති බව ද සඳහාන් වේ. චිනයේ පෞද්ගලික සංචාරයක් නිම කරමින් නැවත චීනය බලා යෑමට පැමැණි අවස්ථාවේ සිය ජංගම දුරකතනය අස්ථාන ගත වී ඇති බව අදාළ නිලධාරියා දැන ගෙන ඇත්තේ ෂැංහයි ගුවන්තොටුපොළේ දී බව සඳහාන්ය. එහි අඩංගු තොරතුරු තුන්වැනි පාර්ශ්වයකට හුවමාරු වූයේ දැයි මෙතෙක් හෙළි වී නැති බව ජපාන මාධ්‍ය සඳහන් කැර තිබේ.
වසර 2011දි සිදුවු දරුණු භුකම්පනයෙන් පසු වසා දැමූ සියලු න්‍යෂ්ටික බලාගාර නැවත සක්‍රිය කිරීමට ජපාන රජය පසුගියදා නියෝග කළ අතර, න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සියේ සේවකයාගේ අස්ථානගත වූ ජංගම දුරකතනයේ ද ඒ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් තිබූ බව සඳහාන් වේ.( දිනමිණ ඇසුරෙන්)
