Impartial news reporting for a stronger democratic society
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ පුලස්තිනී හෙවත් සාරා තවමත් ජීවතුන් අතර ඉන්නවා – ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක ඇමැති

2019  සිදු  වූ  පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට කියන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජේස්මින් තවමත් ජීවතුන් අතර සිටින විමර්ශනවලින් අනාවරණය  වී ඇතැයි  ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල  මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට පැවසීය.

ඇය සිටින ස්ථානය පිළිබඳ දිගු කලක් තිස්සේ පැවති සමපේක්ෂණවලට ප්‍රතිචාර දක්වමින් පුලස්තීනී මහේන්ද්‍රන් දැනට ඉන්දියාවේ සිටින බවට කිසිදු සාක්ෂියක් බලධාරීන් සොයාගෙන නොමැති බව ආනන්ද විජේපාල පැවසීය.

ඇය සිටින ස්ථානය තහවුරු වූ පසු අවශ්‍ය නම් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඉල්ලා සිටීමට ආණ්ඩුව සූදානම් බව ඔහු පැවසීය.

පාස්කු ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බවත්, අලුතින් අනාවරණය වූ තොරතුරු මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කැර ඇති බවත් විජේපාල පැවසීය.

260 කට වැඩි පිරිසක් ඝාතනය  වු  මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පුළුල් කුමන්ත්‍රණයක්  බව දරන් අනාවරණය වී ඇති බව හේ සඳහාන් කරයි. පාර්ලිමේන්තුවේදී ඇතැම් තොරතුරු හෙළි කළ නොහැකි බවත්, මහජන හෙළිදරව් කිරීම විමර්ශනවල ප්‍රගතියට බාධාවක් විය හැකි බව ඇමැතිවරයා පැවසීය

Follow by Email
LinkedIn
Share
WhatsApp