
නුවරඑළිය ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද (07) දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවට කඩා වැටී තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ සිටි සංචාරකයන් පිරිසක් රැගෙන යෑමට පැම්ණෙන අතරතුර මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කළ බවත් , ඔවුන්ට බරලතළ තුවල සිදුව නැති බව ද නුවරඑළිය පොලිසිය පවසයි.
ගුවන් යනයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාව ග්‍රෙගරිවැවේ බෝට්ටු සංචාරයේ යෙදෙන පිරිස් මැදිහත්ව මුද ගෙන ඇත.
