
අමෙරිකාව 2020 ජනවාරි 3 වැනිදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි මිය ගොස් වසර 6ක් සම්පුර්ණ වෙයි.
මැද පෙරදිග හමුදා ක්‍රියාන්විත මෙහෙය වූ , 62 හැවිදිරි ජෙනරාල්වරයා ඉරානයේ බලවත් ‘කොඩ්ස් බලකායේ ‘ ප්‍රධානියා ලෙස ක්‍රියා කෙළේය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට එල්ල ගුවන් ප්‍රහාරයකින් ජෙනරාල් කාසෙම් සුලෙයිමානි ඇතුළු ඉරානයේ සහය ලබන ඉරාක සන්නද්ධ කණ්ඩායම්වල පිරිසක් මරණයට පත් විය. මෙම සිද්ධියත් සමඟ වොෂිංටන් සහ ටෙහෙරාන් අතර පවතින භේදය තවදුරටත් වර්ධනය වු බව රහසක් නොවේ.
අයතොල්ලා කමේනිට පසු ඉරාන පාලනයට සම්බන්ධ දෙවැනි බලවත් පුද්ගලයා ලෙස හැඳින්වූයේ ජෙනරාල් කාසෙම් සුලෙයිමානිය. ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා වෙත සෘජුව වාර්තා කරන කොඩ්ස් බලකාය ‘ විප්ලවීය හමුදාවේ ‘ විශේෂ අංශයකි. එය මෙහෙය වූ කාසෙම් ජාතික වීරයෙකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය.
ගුවන් ප්‍රහාරය එල්ල වන විට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ පිළිබඳ පුවත සැලවූ වහාම අමෙරිකානු ධජයේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කෙළේ තම කෘරත්වය නැවත නැවතත් ප්‍රදර්ශනය කරමිනි.
ජෙනරාල් කාසෙම් සුලෙයිමානි අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් සටන් කළ නිලධාරියෙකි.ඉරාන ජාතිකයන් ඇතුළු ලෝක ජනතාව ඔහු හැඳින්වුයේ “යකඩ මිනිසා” ලෙසිනි. ඉස්ලාමීය පාලන තන්ත්‍රය තුළ ඔහුගේ අද්විතීය ප්‍රමුඛත්වය දක්ෂ ලෙස භාවිතා කරමින්, මිනිස් ජීවිතවල විමුක්තිය උදෙසාත්, අධිරාජ්‍යවාදී අභිලාෂයන් වලට එරෙහිවත්, බටහිර සහ ඊනියා “අරාබි වසන්තය” පලවා හැරීමටත් සටන් කළ වෘත්තීය හමුදා නායකයෙකි .
සුලෙයිමානි 1957 මාර්තු මාසයේදී ගිනිකොනදිග කර්මන් පළාතේ දුප්පත් පවුලක උපත ලැබීය. ඔහු තම පවුල නඩත්තු කිරීම සඳහා වයස අවුරුදු 13 සිට වැඩ කිරීමට පටන් ගත්තේය. ඔහු විවේක කාලය තුළ ඉමාම් කාමේනිගේ දේශනාවලට සහභාගි වි ඇත. 1979 ඉරාන විප්ලවය අතරතුර වීර තරුණයකු ලෙස, සුලෙයිමාන් ඉරාන හමුදාව තුළ ඔහුගේ දක්ෂතා විදහා දක්වමින් ක්‍රමයෙන් ඉහළට ගියේය. ඉරාන-ඉරාක යුද්ධයේදී සුලෙයිමානි ජාතික වීරයකු ලෙස සලකනු ලැබුවේ, ඔහු දේශසීමා හරහා ඉරාකයට ගිය නිසාය. ටෙහෙරාන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මොහොමඩ් මරන්ටි, සුලෙයිමානි ගැන සඳහන් කරමින් කියා සිටියේ, ” ISIS ත්‍රස්තවාදීන් තුරන් කිරීම සඳහා ඔහුගේ දායකත්වය, ඔහු ජාතික වීරයෙකු බවට පත් කළ බවයි “.
ජෙනරාල් සොලෙයිමානි, චින්තන ගුරුකුලයක් ඇති අයෙකු ලෙස අප සැලකිය යුත්තේ ඇයි?. ඔහු ප්‍රායෝගිකව සාර්ථක වූ අයෙක් වන අතර, ඔහුගේ හැසිරීම, ප්‍රඥාවෙන් සහ නිවැරදි නිශ්චයත්වයෙන් පිරී තිබුණි. තවද සියලුම මානව සමාජයන්හි, විද්‍යාඥයන්ට මෙම නිවැරදි හා සාධාරණ ප්‍රායෝගික සිද්ධීන් නිරීක්ෂණය කිරීම සහ අධ්‍යයනය කිරීම අවශ්‍ය වන අතර, ඒවා කිසිම පොතක හෝ පොත් සාප්පුවක සොයාගත නොහැක. එබැවින් සුලෙයිමානිගේ චරිතය හැදෑරීමට විවිධ නිදහස සොයන සමාජවල අවශ්‍යතාවය මතු විය. අපගේ ආදරණීය, පරාර්ථකාමී ජෙනරාල්වරයාගේ වියෝව ඉතා කටුකය. නමුත් නියත වශයෙන්ම අවසාන ජයග්‍රහණය සඳහා අඛණ්ඩ අරගලය සහ ජයග්‍රහණය මිනීමරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ ජීවිත කටුක කරනු ඇති බව ඉරානයේ ආධ්‍යාත්මික නායක සෙයිද් අලි කාමෙනී ලෝකයාට ප්‍රකාශ කෙළේය.
ෂහීඩ් කාසිම් සුලෙයිමානි ඝාතනය කැර වසර 5ක කලක් ගත වුවද, ඔහු පිළිබඳ මතකය තවමත් උණුසුම් ව පවතී. ඉරාන ඉස්ලාමීය ජනරජයේ ඔහුගේ මතකය වෙනුවෙන් බොහෝ උත්සව සංවිධානය කැර තිබීම අගය කළ යුතුව තිබේ. ඉරාන ජනතාව ඔහුට කෙතරම් අගයක් සහ ගෞරවයක් දැක්වූවාද යන්න ඉන් පැහැදිලි වෙයි.
සුලෙයිමානි වසර ගණනාවක් තිස්සේ ලෝකයේ නපුරු ක්‍රියාවලට සහ මිනිස් ස්වරූපයෙන් සැරිසරන යක්ෂයන්ට එරෙහිව විවිධ සටන් බ්ම්වල පෙරමුණු ගත්තේ කිසිදු , බියකින් හෝ චකිතයකින් තොරවය.තමා නායකත්වය දෙන හමුදාවේ, සොල්දාදුවන් සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කිරීමට සුලෙයිමානි නිරතුරුව කටයුතු කෙළේය.ඔහු ක්‍රියාවෙන් තම සගයන්ට ආදර්ශයක් ලබා දුන්නේය. මේ නිසා ඉරාන ජාතිය සහ මුස්ලිම් ලෝකය ඔහුව අධ්‍යාත්මික හා විප්ලවීය වත්කමක් ලෙස දුටුවේය. සුලෙයිමානිගේ ප්‍රකට කියමනක් වූයේ,“ ආත්ම පරිත්‍යාගයේ බීජ සමාජය තුළ වැපිරිය යුතුය යන්නයි.” “මාව මගේ සගයන් අසල විවේක ගැනීමට තබන්න. මාව සාමාන්‍ය සොල්දාදුවකු ලෙස වළලන්න” යැයි කලාපයේ සාමය සඳහා ක්‍රියා කළ, අන්තවාදය සහ ත්‍රස්තවාදය පැතිරීමට එරෙහිව ක්‍රියා කළ ලුතිනන් ජෙනරාල් සොලෙයිමානි සිය කැමැත්තෙන් තම බිරියට වරක් පවසා ඇත.
මේ අන්දමින් ලොවට අහිමි වූ කාසෙම් සුලෙයිමානිගේ දේහය අවසානයේ 2020 ජනවාරි 7 වැනි දා ඔහු උපන් ගම වන කර්මන් හි ගොල්සාර් ෂහාඩා හි මිහිදන් කරන ලදී.
සටහන -Shifani zamaa

