
මාධ්ය නියාමනය සඳහා ස්වාධීන කොමිසමක් වහාම ස්ථාපිත කරන ලෙස නිදහස් මාධ්ය ව්යාපාරය නිවේදනයක් නිතුත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
අසත්ය ප්රවෘත්ති විකාශනය කළ බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් විද්යුත් මාධ්ය ආයතනවල විකාශන බලපත්ර ආපසු කැඳවීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවට සමාජයේ පවතින සංවාදයකට අදාළව එම නිවේදනය නිකුත් කර තිබේ.
මාධ්ය කර්මාන්තය මුහුණ දෙන විවිධ වෘත්තීය ගැටලු පිළිබඳව ද එම ප්රකාශයේ විස්තර කැර ඇති අතර ඒවා විසඳීම සඳහා එවැනි ආයතනයක් ක්රියාත්මක වීමේ අවශ්යතාවය අවධාරණය කැර ඇත.
ආණ්ඩුව මාධ්ය නියාමනය කිරීම නූතනවාදී ප්රවේශයක් සහ ප්රජාතන්ත්ර විරෝධී නොවන බව FMM වෘත්තීය සමිතිය පැවසූ අතර, නිසි නියාමනය සඳහා අවශ්ය වාතාවරණය නිර්මාණය කිරීම එහි කාර්යභාරය වනු ඇතැයි ද පවසයි.
ඒ සඳහා ආණ්ඩුවට කිසියම් මග පෙන්වීමක් අවශ්ය නම්, FMM මෙන්ම එහි වෘත්තීය සමිතිය ද සහාය වීමට සූදානම් බව එහි සඳහන් වූ අතර, අවංක උත්සාහයක් දරන්නේ නම් මාධ්ය ප්රජාව ද දායක වන බව පවසයි.
