
අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රාම්ගේ මැදිහත් වීමෙන් ගාසාවට සාමය ඇති වූ බව සඳහාන්ය. එහෙත් ඊශ්‍රාලය විටින් විට ගාසාවට බොම්බ දැමු බව මුළු ලෝකයම දන්නා සිද්ධියකි. මේ වන විට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවි බිම තබා සාම ගිවිසුමකට එළඹී තිබේ. එමෙන්ම NPP ආණ්ඩුව බලයට පැමිණ දැන් වසරක් ගෙවී අවසන්ය. නමුත් මෙයට වසරකට පෙර NPP ආණ්ඩුව තේරී පත් වූ විට බොහෝ දෙනෙකුගේ සෑබෑ බලාපොරොත්තුව වුයේ , ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන විනාශකාරී ජන සංහාරයට ශ්‍රී ලංකාව සැබවින්ම විරුද්ධව නැගී සිටිනු ඇත යන්නයි. එහෙත් NPP ආණ්ඩුව සිදු කරමින් සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. පලස්තීනය පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරයත්, ක්‍රියාමාර්ගයන් දෙසත් බලන විටත් පෙනී යන්නේ ආණ්ඩුවේ අවස්ථාවාදී මනෝමූලික ස්වභාවයයි. මේ තත්ත්වය හමුවේ ඇති වී තිබෙන ගැටලුව දෙස මනා අවබෝධයෙන් බැලීම කාලෝචිතය. ඒ් මන්දයත්, අතීතය දෙස බලද්දී සියලු ශ්‍රී ලාංකිකයන් පක්ෂ පාට නොබලා පලස්තීන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් එකට හිටගත් නිසාය. එහි දී ජනතා විමුක්ති පෙරමුණේ (JVP) නායකයන්, පලස්තීන ජනතාවට වඩා පලස්තීනය වෙනුවෙන් සිදු කළ ක්‍රියාවන් ගැන දේශපාලනය තේරෙන බොහෝ දෙනකු දන්නා කරුණකි. එහෙත් අද සිදු වී ඇත්තේ කුමක්ද?. වත්මන් ආණ්ඩුව පලස්තීන ජනතාව ට හොද හැටි පයින් පහරක් ගැසීමයි.
සුන් වී ගිය බලාපොරොත්ත්ව
හදිසියේ ජනාධිපති ධුරයට තේරී පත් වු රනිල් වික්‍රමසිංහ මහතා , ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයට දෙසට තල්ලු කෙළේ ඔහුගේ බටහිර ගැති චින්තනය අනුවය. ශ්‍රී ලාංකික සේවකයන් ‘අපනයනය’ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම , ඊශ්‍රායලයේ නව කොන්සල් කාර්යාලක් කොළඹ විවෘත කිරීමට අවසර දීම සහ හවුතිවරුන්ට එරෙහිව එක්සත් ජනපද රතු මුහුදේ නාවික මෙහෙයුම් සඳහා සහාය දිය යුතු බවට යෝජනාවක් ලෝකය ඉදිරියේ තැබීම කැපී පෙනෙයි. රනිල්ගේ මේ ක්‍රියාවන්ට විරුද්ධව NPP හි ප්‍රධාන සංඝටක පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) එදා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් කළ කී දෑ ගැන දන්නෝ දනිති. එහෙත් 2023 ඔක්තෝබර් මාසයේ පලස්තීන ජන සංහාර අවධිය ආරම්භ වීමත්, පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ආක්‍රමණයන් සිදු වෙද්දීත් NPP හි ප්‍රධාන සංඝටක පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ (JVP) සිය සටන්කාම් විරෝධයන් ක්‍රමයෙන් අඩු කෙළේ තම ආධාර කරුවන් නොමග යවමින් බව කිව යුතුය.
අද ගොඩනැගි ඇති භයංකාර වටාපිටාව දිනපතාම දෙගුණ වෙමින් පවතී. 2024 සැප්තැම්බර් මාසයේ සිට ඊශ්‍රායලය , පලස්තීන සේවකයන් නෙරපා හැරීමෙන් ඇති වූ ශ්‍රම හිඟය පිරවීමට තවත් ශ්‍රී ලාංකිකයන් යැවීම සඳහා වත්මන් ආණ්ඩුව (NPP) ඊශ්‍රායලය සමඟ ඇති ගිවිසුම් පුළුල් කැර ගත් බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි . විශේෂන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි සේවය කරමින් සිටියදී ගාසා තීරයේ යුද අපරාධ සිදු කැර ඇති බොහෝ දෙනෙකුට කිසිම වීසා ගාස්තු නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණීමටත් එය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුව (NPP) ගත් තින්දුව ගැන ඡන්දය දුන් ජනතාව නොදන්නා කරුණකි.

Pix -News Reader
පිළිකුල් සහගත අසමගිය
ආණ්ඩුව සහ එහි ආධාරකරුවන් අද තර්ක කරන්නේ, ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට එන රටක් ලෙස වෙනත් විකල්පයක් නොමැති බවත්, සංචාරකයන් නිසා ගලා එන විදේශ විනිමය අත්‍යවශ්‍ය සාධාකයක් බව කියමිනි.රටේ ‘ආර්ථිකය’ වෙනුවෙන් සදාචාරයේ ඕනෑම කොටසක් කැප කිරීම කණගාටුදායක සහ පිළිකුල් සහගතය. නමුත් මෙම ආර්ථික තර්කනය වෙනු වෙන් ශ්‍රී ලාංකිකයන් ද සැලකිය යුතු වියදමක් දරන අතර කැපවීමක්ද කරයි. ඊශ්‍රායලය අද තම අසල්වැසියන්ට එරෙහිවත් කෲර හිසංනයන් සිදු කරයි. උදාහරණයක් ලෙස ඉරානයට ප්‍රහාර දීමත්, සංචාරක මධ්‍යස්ථානවල පදිංචි වී සිටින ඊශ්‍රායල ජාතිකයන් මෙරට සිටි ජනතාවට සහ සංචාරකයන්ට හිරිහැර කරනු ලබන අතර පහරදීම් පවා සිදු කරනු ලබයි. නමුත් ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවට, මෙම ඊශ්‍රායල ජාතිකයන් පිහිටුවා ඇති ව්‍යාපාරික ආයතන සහ පූජනීය ස්ථානවලට ආරක්ෂාව සපයයි. ඊශ්‍රායලය, පලස්තීනයට එරෙහිව සිදු කරන සංහාරයන්ට විරුද්ධව කටයුතු කරන පුද්ගලයන්ට, සංවිධානවලට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීමට ද NPP ආණ්ඩුව කටයුතු කළ අවස්ථා තිබිණි. ඇතැම් අවස්ථාවලදී පලස්තීන හිතවාදී විරෝධතා සංවිධායකයන් බිය ගැන්වීමට සහ හිරිහැර කිරීමට ආරක්ෂක හමුදා යෙද වු අවස්ථා තිබේ.
පලස්තීන හිතවාදීන් පාලනය කරමින් , පලස්තීනයට සහාය දක්වන බව ආණ්ඩුව කිහිප වතාවක් නිල වශයෙන් තහවුරු කැර ඇත. ආණ්ඩුව එවැනි ක්‍රියාමාර්ග ගනිද්දී ඇමැති බිමල් රත්නායක ශ්‍රී ලංකා – පලස්තීන සහයෝගිතා කමිටුවේ සම සභාපතිවරයා ලෙස දිගටම කටයුතු කරයි. ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන් ප්‍රසිද්ධියේ පලස්තීනය සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතර, සමහරු අසමගියකින් තොරව උද්වේග කැර ප්‍රසිද්ධ කතා පවත්වති. මෙම ස්ථාවරයෙන් පෙනී යන්නේ, ජනතාවක් සමූලඝාතනය කරන රාජ්‍යයකට, ආණ්ඩුව ද්‍රව්‍යමය වශයෙන් සහාය දෙන අතරම එම ජනතාවට ඇල්මැරුණු සහයෝගයක් ප්‍රකාශ කිරීම ප්‍රසංසනීය ක්‍රියාවක් නොවේ.
කොන්දේසි විරහිතව යටත් විම
ගාසා තීරය සම්බන්ධයෙන් ජාතික ජනබල ආණ්ඩුවේ (NPP) ස්ථාවරය, රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණයෙන්ම පිළිගත් IMF වැඩසටහන පිළිබඳ ස්ථාවරයට බොහෝ දුරට සමානය. ආණ්ඩුව සහ එහි ආධාරකරුවන් IMF වැඩසටහනට දැඩි ලෙස අනුගත වී එය ආරක්ෂා කරමින් අද රනිල් වික්‍රමසිංහ මහතාට සමාන තර්ක ඉදිරිපත් කරති. අප වැනි කුඩා , ණය ගැති රටකට කේවල් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව රහසක් නොවේ. මෙම ස්ථාවරයන් දෙක සමග පෙළගැසෙමින් , සැකයකින් තොරව IMF අනුගමනය කරන ගමන් ඊශ්‍රායලයට සහාය වීම හැර වෙන දෙයක් කිරීමට ආණ්ඩුවට කිසිම හැකියාවක් නැත. මෙයින් පෙනී යන්නේ අද ආණ්ඩුව අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්වල පඹයෙකු බවට පත්ව ඇති අන්දමයි. දේශපාලන විචාරකයන් පවසන අන්දමට ආණ්ඩුවේ මෙම ක්‍රියාවලිය අහම්බයක් නොවේ.
මෙම පසුබිම ශ්‍රී ලංකා සමාජ සංස්ථාවේ ගෞරවයට අපහාසයක් විය හැකි වුවද , IMF යනු, ශ්‍රී ලංකාව ගැන සැලකිලිමත් වන දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ සංවිධානයක් නොවේ. එය එක්සත් ජනපදය සහ බටහිර රටවල් ඔවුන්ගේම අවශ්‍යතා ඉදිරියට ගෙන යෑම සඳහා පවත්වාගෙන යෑමට ගොඩනැගු සංවිධානයකි. IMF වැඩසටහන පිළිගැනීම කෙසේ වූවද, අකමැත්තෙන් හෝ කැමැත්තෙන් අමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝකයේ වැඩ පිළිවෙළට එකග වීම හැරෙන්නට වෙන කිසිවක් අද ආණ්ඩුවට ඉතිරි වී නැත. මේ තත්ත්වය තුළින් පෙනී යන ප්‍රධාන කරුණ වන්නේ, බටහිර ආර්ථික නීති – රීති නිසි ලෙස අනුගමනය කිරීම පමණක්ම නොව, ඊශ්‍රායල ව්‍යාපෘතිය මගින් වඩාත් තියුණු ලෙස නියෝජනය වන එහි මිලිටරිවාදයට සහ ජනතාව විනාශ කිරීමට ද ආණ්ඩුව සහාය වීමයි. මෙහිදී ආණ්ඩුව වරක යාචකයකු ලෙසත්, තවත් වරක හොද පුරවැසියකු ලෙසත් සිටිමින් මෙවැනි කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ ගෞරවයට බරලතළ ප්‍රශ්නයක් වන බව කිවයුතුය . ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්පූර්ණයෙන්ම පිළිගැනීමට NPP ආණ්ඩුව තීරණය කැර ඇති නිසා, එයින් කියැ වෙන්නේ එය බටහිර භූ දේශපාලනික අරමුණු සඳහා ද සහාය ( ජන සංහාරක තක්කඩි රාජ්‍යයකට සහාය දීම ඇතුළුව.) දිම නොවේද? යන ප්‍රශ්නය මතුවෙයි.
කෙසේ වෙතත් කැපී පෙනෙන දෙය නම්, NPP ආණ්ඩුව සම්පූර්ණයෙන්ම යටත් වී ඇත්ද යන්නයි. ණය තිරසාර විශ්ලේෂණය ක්‍රියාවලියෙදී IMF ගිවිසුමේ මුලික අංග කිහිපයක් ගැන නැවත සාකච්ඡා කිරීමට උත්සාහ කළ හැකිව තිබූද, එය පසකට දමා ඊශ්‍රායලය නැමැති තක්කඩි රාජ්‍ය රැකගැනීම වෙනුවෙන් තමන්ගේම පුරවැසියන්ට පීඩා කිරීමට ආණ්ඩුව කටයුතු කළ අවස්ථා තිබිණි. සරළව ගතහොත්, ශ්‍රී ලංකාව අධිරාජ්‍ය විරෝධී රාජ්‍යයක් වීම සහ නොබැඳි රාජ්‍යයක් නොවීම යන කරණා දෙක පසෙකලා ආණ්ඩුව කටයුතු කිරීම බරලතළ ගැටලුවකි.මෙම යටත් වීම සංඥා කිරීමෙන් පසු , පලස්තීනයට සහාය දෙන බව මවා පාමින් කටයුතු කිරීම NPP ආණ්ඩුවේ තක්කඩි ස්ථාවරය බව කිවයුතුය.
කතා කරන නිහඩතාවයන්
අවසානයේ ආණ්ඩුව මෙතරම් නිර්ලජ්ජිත වීම එහි අතීතය සැලකිල්ලට ගත් විට පුදුමයට පත් නොවිය යුතු කරුණකි. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේදී ජනතා විමුක්ති පෙරමුණ (JVP) හයියෙන් යුද්ධ බෙර වාදනය කරමින් “ මිලිටරි විසඳුමක් ” සඳහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බලපෑම් කෙළේය. එහි සාමාජිකයන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බර අවි සහ ගුවන් ෂෙල් වෙඩි භාවිතා කිරීම කිසි විටකත් නතර නොකරන ලෙසට බල කිරීම ගැන පුරසාරම් දෙඩුවහ. මෙම අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා රජය වසර 16 කට පෙර වන්නියේ දෙමළ ජනතාවට එල්ල කළ කෲරකම්, රෝහල්වලට බෝම්බ හෙළීම් සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට පෙර ජනතාව ‘ආරක්ෂිත කලාප ’ වෙත ගාල් කිරීමක් සිදු නොකළ අවස්ථා තිබිණි. නිදසුනක් ලෙස, ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර සමග සසදන විට මේ තත්ත්වයේ වෙනසක් දක්නට නොතිබිණි. ඊශ්‍රායලයට සමාන්තරව බලන විට රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව භාවිතා කරන යටත් විජිතකරණය සහ වෙනස් කොට සැලකීමේ පුළුල් ගතිකතාවයන් නොසලකා හැරීමට නොහැකි තත්ත්වයක් තිබේ. උතුරේ පැවැති යුද්ධයේදී ජනතා විමුක්ති පෙරමුණේ (JVP) භූමිකාව පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ ඒ ගැන කතා නොකිරීම තුළින් එය පහව යනු ඇතැයි බලාපොරොත්තු වීමයි. ඒ් ආකාරයටම ඊශ්‍රායලය, පලස්තීනුවන්ට එරෙහිව කළ ජන සංහාරය ඉක්මනින්ම අවසන් කරනු ඇතැයි යන්න නිසැකවම බලාපොරොත්තු වෙන් සිටි . නමුත් ශ්‍රී ලංකාව සහ පලස්තීනය යන රටවල් දෙකේ නිහඬතාවයන් ඉන් ඔබ්බට ගොස් කතා කරයි. වසර දෙකක් තිස්සේ, පලස්තීනුවන්ට එල්ල කරන ලද ඉතාමත් බිහිසුණු, ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයන් අපි මාධ්‍යයෙන් නරඹා ඇත්තෙමු. ඒ සෑම ක්‍රියාවක්ම සිතාගත නොහැකි තරම් කුරිරුකම් මාලාවකින් යුක්තය. සෑම දිනකම, පණ නැති, විනාශ වූ පලස්තීන සිරුරුවල රූප අපගේ මාධ්‍යය තිරවලින් පිරී යන අතර, තුවාල ලැබු අනෙක් අය දිවි ගලවා ගැනීමට උදව් ඉල්ලා සිටින අවස්ථා නිතර දකින්න ලැබිණි. මේ කිසිවක් නැවැත්වීමට හෝ ඊට විරුද්ධව කතා කිරීමට අපට හැකියාවක් නොමැති විම ගැන රටක් හැටියට අප සියල්ලන්ම ලැජ්ජාවට පත් විය යුතුය. ඉතා සරලව කිවතහොත් මෙවැනි නිවට ආණ්ඩුවක් ශ්‍රී ලාංකික ජනතාවට නායකත්වය ලබා දීම ගැන කණගාටුවට පත් විය යුතුව තිබේ.

pix- BBC
විශේෂ දේශපාලන වාර්තාකරු
