
දකුණු දිග ස්විට්සර්ලන්තයේ සුප්‍රකට ක්‍රාන්ස් මොන්ටානා කඳුකර ප්‍රදේශයේ සුඛෝපභෝගී හිම නිවාඩු නිකේතනයක හටගත් විශාල ගින්නකින් සංචාරකයන් 40 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
නව වසර උදාවී පැයකට පමණ පසු එම ගින්න හටගෙන ඇති අතර, සියයකට අධික පිරිසක් තුවාල ලබා තිබේ.
මියගිය සහ තුවාල ලැබූ අය අතර විදෙස් ජාතිකයන් ද සිටින බව සඳහාන් වේ. ගින්න හට ගැනීමෙන් පසු මොන්ටානා පළාතේ ගිනි නිවන ඒකකය සහ හමුදාව හෙලිකොප්ටර් යානා මඟින් එම ස්ථානයට ගොස් ගින්න මැඬ පැවැත්වීමට සමත්වී ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයන් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. ඉන් කිහිපදෙනකුගේ තත්ත්වය බරපතළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ කැර තිබේ .
