Impartial news reporting for a stronger democratic society
ගෙවී ගිය වස­රේ ලෝකයේ ඇති වු විශා­ල­තම ස්වාභා­වික ආප­දා­ව­ලින් ඩොලර් බිලි­යන 120ක පාඩු­වක් සිදු වෙලා – චැරිටි ක්‍රිස්ටි­යන් අර­මු­දල සඳහාන් කරයි

ගෙවී ගිය වස­රේ ලොව පුරා සිදු වු ස්වභා­වික ආප­දා­ව­ලින්  ඇති වූ සමස්ත පාඩුව අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 120 ඉක්මවා ඇතැයි චැරිටි ක්‍රිස්ටි­යන් අර­මු­දල සඳහාන් කළ බව  එංග­ල­න්තයේ ගාඩි­යන් පුව­ත් සේ­වය  කියයි.

ආසි­යා­තික කලා­පයේ පුද්ග­ල­යන් දෙද­හ­ස­කට ආසන්න සංඛ්‍යා­ව­කට මරු කැඳවූ සුළි­කු­ණාටු සහ මාරා­න්තික ගංව­තුර තත්ත්වය සහ අමෙ­රි­කාවේ කැලි­ෆෝ­නියා ප්‍රාන්තයේ පැතිරී ගිය ළැව්ගි­න්නට තවත් ජීවිත 400ක් බිලි­වීම ඇතු­ළුව ලොව විශා­ල­තම ස්වභා­වික ආපදා 10ක් ඇසු­රින් එම වාර්තාව සකස් කැර ඇතැයි ගාඩි­යන් පුවත් සේවය සඳ­හන් කළේය.

ස්වභා­වික ආප­දා­ව­ලින් විනාශ වූ දේපොළ හානිය සඳහා වන රක්ෂණ වන්දිය පද­නම් කර­මින් චැරිටි ක්‍රිස්ටි­යන් අර­මු­දල එම තක්සේ­රුව කැර ඇති අතර, එම විප­ත්ව­ලින් අහිමි වූ මිනිස් ජිවිත, බිඳ වැටුණු ජිව­නෝ­පා­ය­යන් සඳහා දැරී­මට සිදු­වන පිරි­වැය එම වාර්තා­වට ඇතු­ළත් නොවන බැවින් සම්පූර්ණ පාඩුව තවත් ඉහළ යනු ඇතැයි ද එම වාර්තාවේ සඳ­හන් වේ.

ලන්ඩන් නුවර ඉම්පී­රි­යල් කොලේජ් හි වායු­ගෝ­ලීය භෞතික විද්‍යාව පිළි­බඳ මහා­චා­ර්ය­ව­රි­යක වන ඕනා හේග් සඳ­හන් කැර ඇත්තේ මිනිසා විසින්ම නිර්මා­ණය කර­ගත් දේශ­ගු­ණික අර්බු­දය හේතු­වෙන් සිදු­වන විනා­ශය තව­දු­ර­ටත් ඉහළ යනු ඇති බවය.

ගතවූ වස­රේදී ලොව සිය­ලුම කලා­ප­ව­ලට ස්වභා­වික ආප­දා­ව­ලින් බල­පෑම් එල්ල වී ඇති අතර, ඉරා­න­යට බලපෑ දරුණු නිය­ඟය එරට මිලි­යන 10ක ජන­තාව අව­තැන් කළ බවත්, පසු­ගිය අප්‍රේල් මාස­යේදී කොංගෝ ජන­ර­ජ­යට සහ මැයි මාස­යේදී නයි­ජී­රි­යා­වට බලපෑ මාරා­න්තික ගංව­තුර තත්ත්වය හේතු­වෙන් ජීවිත 700ක් අහිමි වූ බවත් එම වාර්තාවේ සඳ­හන් වී තිබේ. මීට අම­ත­රව ඉන්දි­යාවේ සහ පාකි­ස්තා­නයේ ගංව­තුර බල­පෑම් හේතු­වෙන් පුද්ග­ල­යන් 1,860 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර, පාකි­ස්තා­නයේ පම­ණක් මිලි­යන 7ක ජන­තාව අව­තැන් වූ බව ද සඳ­හන් වේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp