
ඇතැම් ආනයන නිෂ්පාදිත සඳහා තීරුබදු අනුපාත සහ තීරුබදු අයිතම ලබන වසරේ සිට සකස් කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනය කැර තිබේ.
ඒ අනුව ‘ 2026 තීරුබදු සකස් කිරීමේ සැලැස්ම ’ නිකුත් කෙරිණි. එය 2026 ජනවාරි 1 වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ.
වෙළෙඳපොළ සම්බන්ධතා වැඩි දියුණු කිරීම සඳහා, ආනයන නිෂ්පාදිත 935ක් සඳහා වඩාත්ම හිතකර ජාතියේ (MFN) තීරුබදු අනුපාතවලට වඩා අඩු තාවකාලික ආනයන තීරුබදු ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වේ.
විද්‍යා හා තාක්ෂණික ස්වාධීනත්වය හා ස්ව-ශක්තිය ප්‍රවර්ධනය කිරීම සඳහා තීරණාත්මක අමතර කොටස් සහ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සඳහා ආනයන තීරුබදු අඩු කිරීම, හරිත පර්වර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා සම්පත් මත පදනම් වූ නිෂ්පාදිතයන්හි තීරුබදු අඩු කිරීම සහ ජනතාවගේ ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය නිෂ්පාදිතයන්හි තීරුබදු අඩු කිරීම ඊට ඇතුළත් වේ.
ඒ සමගම, සමහර නිෂ්පාදිත සඳහා තාවකාලික ආනයන තීරුබදු අනුපාත අවලංගු කරනු ලබන අතර වඩාත්ම හිතකර ජාතියේ බදු අනුපාත යථා තත්ත්වයට පත් කෙරේ.
