Impartial news reporting for a stronger democratic society
අමෙ­රි­කාවේ තීරු­බදු ප්‍රති­ප­ත්තියට විකල්පයක් ! ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් නව වෙළෙඳ මාර්ගයක්

අමෙ­රි­කාවේ දැඩි තීරු­බදු ප්‍රති­ප­ත්තිය සඳහා විකල්ප සොය­මින් සිටින ඉන්දි­යාව මධ්‍ය­ධ­රනී සහ ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් මැද­පෙ­ර­දිග හරහා අප්‍රි­කානු කලා­පය දක්වා තීර­ණා­ත්මක ගමන් මාර්ග­ය­කට ප්‍රවේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.

 ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පසු­ගි­යදා ජෝර්දා­නය, ඉති­යෝ­පි­යාව සහ ඕමා­නය රට­වල සංචා­ර­ය­කට එක්වී­මත් සමඟ නව වෙළෙඳ ප්‍රවේ­ශ­ය­කට අව­ස්ථාව උදා වූ බව ඉන්දීය විදේශ කට­යුතු ඇමැති එස්. ජයි­ශං­කර් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. නරේන්ද්‍ර මෝදිගේ එම සංචා­රය අත­ර­තුර ජෝර්දාන, ඉති­යෝ­පියා සහ ඕමාන නියෝ­ජි­ත­යන් සහ ඉන්දීය නියෝ­ජි­ත­යන් අතර අව­බෝ­ධතා ගිවි­සුම් කිහි­ප­යක් ද හුව­මාරු වී ඇත.

මැද­පෙ­ර­දිග වැද­ගත් සංධි­ස්ථා­න­යක් වන ගල්ෆ් කලා­පයේ පිහිටි ජෝර්දා­නය සහ අප්‍රි­කාවේ වැඩිම ජන­ග­හ­ණ­යක් සහිත දෙවැනි රට වන ඉති­යෝ­පි­යාව සහ ඉරා­නයේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බට­හිර ඉන්දීය සාග­ර­යට යාබ­දව පිහිටි ඕමා­නය අතර ඉදි­රි­යේදී ඉන්දි­යාවේ නව වෙළෙඳ ප්‍රවේ­ශ­යක් ගොඩ­නැ­ඟෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.( දිනමිණ ඇසුරෙන්)