Impartial news reporting for a stronger democratic society
මනුෂ්‍ය ඝාතනයකට මාන බැලු අයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා  (27)  දහවල් මිනුවන්ගොඩ පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ කළ වැටලීමක දී  පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා ටී -56 වර්ගයේ ගිනි අවියකට යෙදිය හැකි ජීව උණ්ඩ 25 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ නිවාරණ හා විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින නිලධාරියකුට ලැබුණ තොරතුරක් මත  මෙම  වැටලීම සිදු කැර ඇත.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවකු බව අනාවරණය කැර ගෙන ඇති අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය  වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

එමෙන්ම රාගම පොලිස් වසමේ කිරිමැටියාන ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබූ කාර් රථයක් තුළ තිබී 2025.12.23 වැනි  දින පොලිස් භාරයට ගත් ටී-56 ගිනි අවිය සහ පතරොම් 44 ට අදාළව එහි රියැදුරු 2025.12.26 වැනි දින වත්තල, හුණුපිටිය, දික්පිටිය පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර උතුර ඒ්කකයට හැකි විය.

රාජ්‍ය බුද්ධි සේවයෙන් ලද තොරතුරකට අනුව හෙරායින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 65 ක් සන්තකයේ තබාගෙන සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන  ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ , එදින ටී-56 අවියක් සමඟ මනුෂ්‍ය ඝාතනයක් සඳහා කාර් රථය පදවාගෙන පැමිණි රියැදුරු ඔහු බව අනාවරණය කරගෙන ඇත. යම් හේතූන් මත ඝාතනය ව්‍යර්ථ වීම හේතුවෙන් කාර් රථය අතහැර යෑමට සිදු වූ  බවත්,නැවත කාර් රථය අසලට පැමිණෙන විට ජනතාව එකරැස් වීමක් සිදුව ඇති බවත් දැකීමෙන් කාර් රථය අත්හැර පළාගොස් ඇති බවට කරුණු අනාවරනය වී තිබේ.

මෙම සැකකරු විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ  උපදෙස් මත ක්‍රියාකරන වයස අවුරුදු 28 ක් වන වත්තල , හුණුපිටිය ප්‍රදේශයේම  පදිංචිකරුවකු බව විමර්ශන මඟින් හෙළි වී ඇත.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp