
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කළ හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 5 ක් වන බව පොලීසිය සඳහන් කෙළේය.
ඩග්ලස් දේවානන්දා මහතාට නිකුත් කැර ඇති T56 ජීව උණ්ඩ 1500 කට අධික සංඛ්‍යාවක් හා මිලිමීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 100කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඩග්ලස් දේවානන්දා මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72ක රැඳවුම් නියෝග මත මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශ මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
