
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා පසුගිය දා වියට්නාමයේ ජාතික සභාවේ උප සභාපති නුයෙන් ඩක් හායි මහතාව හැනෝයි නුවරදී හමු විය.
එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ සාකච්ඡා පැවැත් වු අතර, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් පිළිබඳවත්, මෑත කාලීනව සිදු වූ දේශගුණික විපත් පිළිබඳවත්, වියට්නාමයේ සංවර්ධනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳවත්, ලබන පෙබරවාරි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සම්මේලනය පිළිබඳවත් දිර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇත.
