
හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් කලාශූරී ලතා වල්පොළ මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වුවාය.
ඇය මියයන විට 91 වැනි වියේ පසු වුවාය.

වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොළ මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු 12ක පුංචි දැරියක් ලෙසයි.
ඇය මේ වනවිට ගීත දස දහසකට අධික ප්‍රමාණයක් ගායනා කැර ඇති අතර, ඒ අතර විදෙස් භාෂා ගීත ද තිබේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බටහිර සංගීතඥ, ගායන ශිල්පී මැක්සි රොසයිරෝ (Maxi Rozairo) ද අභාවප්‍රාප්ත විය.
කලක් රෝගාතුරව සිටි ඔහු අද (27) පෙරවරුවේ මිය යන විට 77 වැනි වියේ පසුවිය.
රොසයිරෝ මහතා ශ්‍රී ලංකාවේ බටහිර සංගීතයේ පුරෝගාමියකු ලෙස සලකනු ලැබූ අතර දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට දායකත්වයක් ලබා දුන් චරිතයකි.
ස්පිට්ෆයර්ස් ( SPITFIRES ) සංගීත කණ්ඩායම හරහා සිය ගායන දිවිය ආරම්භ කළ ඔහු, 70 දශකයේ මෙරට තුළ අතිශය ජනාදරයට පත් ඉංග්‍රීසි ගීත ගායකයෙකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 30 වැනිදා සිදු කෙරේ.
