Impartial news reporting for a stronger democratic society
අයිතිවාසිකම් සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්  

ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට දැන් පටන් ගෙන ඇති බවත්, මැතිවරණ ප්‍රකාශනයේ සඳහාන් වූ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි බවත්  අයිතිවාසිකම් සඳහා  වූ මාධ්‍යවේදීන්ගේ සංගමය කනස්සල්ල පළ කරමින් සිටිති.

බලයට පත්වීමට පෙර අනුර කුමාර දිසානායක දුන් පොරොන්දු ගැන සඳහන් කළ සංගමය මෑත කාලයේ මාධ්‍ය මර්දනයේ බරපතළ සිදුවීම් නිරීක්ෂණය වී ඇතැයි ද සඳහාන්  කෙළේය.

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පොලිස් ක්‍රියා මාර්ග ගැනීම, සාපරාධී අපහාස නීතිය තවදුරටත් ක්‍රියාත්මක නොවුනද මාධ්‍යවේදියකු කැඳවීම සහ සම්පත් ලබා නොදීම මඟින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් කොමිසම සඟින් අක්‍රිය කැර ඇති බව සංගමය සඳහන්  කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය ආයතන තොරතුරු අයිතිය යටතේ ඉල්ලීම් නොසලකා හැරීම, මාධ්‍යයට කතා කිරීම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුගේ වැඩ තහනම් කිරීම, සමාජ මාධ්‍ය මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය භාවිතා කරන ලෙස නියෝජ්‍ය ඇමැතිවරයකු පොලිසියට උපදෙස් දීම, හදිසි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ රාජ්‍ය විරෝධී මාධ්‍ය ආයතනවලට එරෙහිව සංවිධානාත්මක වෛරී ප්‍රචාරය ද සැලකිලිමත් විය යුතු කරුණු වේ.

ඒවා ව්‍යවස්ථාමය අයිතිවාසිකම් සහ ICCPR ජාත්‍යන්තර සම්මුතිය උල්ලංඝනය කිරීමක් බව එම සංගමය පැවසූ අතර, මාධ්‍ය බිය ගැන්වීම නතර කරන ලෙසත්, තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ලෙසත්, අන්තර්ජාල ආරක්ෂාවේ මර්දනකාරී වගන්ති සංශෝධනය කරන ලෙසත්, ත්‍රස්තවාදී පනත් කෙටුම්පත්වලින් රාජ්‍යය ආරක්ෂා කරන ලෙසත් ආණ්ඩුවෙන් අයිතිවාසිකම් සඳහා  වූ මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටි. රාජ්‍ය මැදිහත්වීම වෙනුවට මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන යාන්ත්‍රණයක්  ක්‍රියාත්මක කරන  ලෙසද ඔවුන්  ඉල්ලා සිටි.

Follow by Email
LinkedIn
Share
WhatsApp