Impartial news reporting for a stronger democratic society
දේශසීමා ගැටුම්  අවසන් කරන්න තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ.

තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක ඇමැති නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා  මෙම ගිවිසුමට අත්සන් තබා ඇත.

ඒ අනුව දෙරටේ ආරක්ෂක ඇමැතිවරු සටන්විරාමය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ, අද දහවල් සිට සටන් විරාමය ක්‍රියාත්මක වන බවයි.

තායිලන්ත-කාම්බෝජ දේශසීමාවේ සති ගණනාවක් පුරා පැවති මාරාන්තික ගැටුම් අවසන් කිරීම අරමුණු කරගත් සාකච්ඡාවලින් පසුව මෙම ගිවිසුම ඇති කැර ගෙන තිබේ.

දෙරටේ දේශසීමා අතර පසුගිය කාලසීමාවේ ඇති වූ දරුණු යුදමය තත්ත්වයනේ නිසා  පුද්ගලයින් 101ක් පමණ මියගොස් දෙපාර්ශ්වයේම මිලියන භාගයකට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව සඳහාන්ය.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp