
හිටපු ඇමැතිවරයකු මෙන්ම , සර්ව ජන බලවේගයේ උප සභාපතිවරයකු වන රොෂාන් රණසිංහ මහතා අල්ලස් හෝ දුෂණචෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (26) කැඳවා තිබේ.
හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ඇමැති රොෂාන් රණසිංහ මහතා අල්ලස් කොමිසම වෙත කැඳවා තිබෙන බව සඳහාන් වෙයි.
රාජ්‍ය දේපොළ සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනය සිදු කෙරේ. (දිනමිණ ඇසුරෙන්)
